Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ සඳහා සහාය දුන් බවට සැකපිට 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට
    Featured

    අපරාධ සඳහා සහාය දුන් බවට සැකපිට 20කට වැඩි පිරිසක් අත්අඩංගුවට

    By LFNAugust 22, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ඊයේ (21) සිදු කළ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

    බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ජා ඇල ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් සමග 51 හැවිරිදි අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයෙකු ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    එමෙන්ම මීගමුව පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 220ක් සමග 33 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ඔවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් 21ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සැක කරන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අපරාධ කල්ලිවලට විවිධ අපරාධ සිදුකිරීම සඳහා සහාය වූ පුද්ගලයන් බවට ය.

    2024 මාර්තු මස 19 වනදා සිට ඊයේ (21) දින දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 3,373 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    රැඳවුම් නියෝග ලබා ගනිමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.