Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට – මාර්ග අවහිර වෙයි
    Local News

    ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට – මාර්ග අවහිර වෙයි

    By LFNAugust 19, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

    හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පීටර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අද (19) අලුයම 01.30 සිට ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.

    ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වී ඇති බව වාර්තාවේ.

    මෙම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට තෝඩුවාව පොලීසිය දැනුම් දී ඇත.

    මෙම මාර්ගයේ ගමන් කළ රථ වාහන කිහිපයක් ජලයට අසුවී ධාවනය කිරීමට නොහැකිව නතර වී තිබු බවය.

    මේ අතර, කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව, ඉන් තත්පරයට ඝන මීටර 53ක ජල ධාරිතාවක් කුඩා ගඟ වෙත මුදා හැරෙන අතර කුඩා ගඟා පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.

    බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දිය යන ප්‍රදේශවල මාර්ග, පහත්බිම් සහ නිවාස ද මේ වන විට ජලයෙන් යටවී පවතින බව වාර්තාවේ.

    එමෙන්ම බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන අතර බුලත්සිංහල සිට මෝල්කාව, ලත්පදුර, කෙලින්කන්ද ආදී ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

    එමෙන්ම මහවැව, ලුණූ ඔය හා හැමිල්ටන් ඇළ පිටාර ගැනීමත් සමඟ කොළඹ – පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලව ඇත.

    ඒ අනුව මේ වන විට මහවැව තනිවැල්ල දේවාලයේ සිට මහවැව නගරය දක්වා මාර්ගය ජලයෙන් පිරී ඇති හෙයින් රථවාහන ගමනා ගමනය ඉතා අවදානම් බව මාදම්පේ හා මාරවිල පොලිස්ථාන වලින් දැනුම් දී තිබේ.‍

    මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 2,354 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.