Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරුණයෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුර -CCTV
    Featured

    තරුණයෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුර -CCTV

    By LFNAugust 20, 2024No Comments2 Mins Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (19) දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් 18 හැවිරිදි ක්‍රිෂාන් පෙරේරා නම් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    අනතුරට පත් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනා හිස්වැසුම් නොමැතිව වැලිගම්පිටිය දෙස සිට කොළඹ – මීගමුව මාර්ගය දෙසට ගමන් කරමින් සිටිය දී වැලිගම්පිටිය හංදිය ආසන්නයේ දී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කර තිබේ.

    එහිදී පැදිකරුවන් අණ නොතකා ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය කර ඇති අතර, පිටුපස අංක තහඩුව නොමැතිව ගමන්ගත් යතුරුපැදිය මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී මීගමුව දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටී අනතුර සිදුව ඇත.

    අනතුරින් පසුව සෙසු පැදිකරුවන් පළාගොස් ඇතැයි ද පොලීසිය පවසයි.

    කෙසේවෙතත් අනතුරට මුහුණදුන් පසුපැදිකරුවෙක් මාධ්‍යට කියා සිටියේ මෙවැන්නකි.

    “අපි බයික් එකේ තුන්දෙනා ආවේ. තුන්දෙනා එද්දි පොලීසියේ මහත්තයෙක් තව දෙන්නෙක් එක්ක සිවිල්පිට බයික් එකකින් ඇවිල්ලා නවත්තන්න කිව්වා. හැප්පුන කොල්ලා නැවැත්තුවේ නෑ. අපිත් කිව්වා ඌ නැවැත්තුවේ නෑ. ඔතන හිටියා යුනිෆෝම් එකෙන් මහත්තයෙක් හිටියා එයාට නවත්තන්න කිව්වා. එයාට නවත්තන්න බැරි නිසා එයා පයින් ගැහුවා. ගහලා මෙතෙනට එද්දි බයික් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව ගියා. පොලීසියේ මහත්තයා ඇඟට කැපුවා එකපාරටම. එතකොටම කන්ට්‍රේනර් එකක් ආවා. එක කොල්ලෙක් බැහැලා දිව්වා වැටෙද්දිම. මුව බේරගන්න මම බයික් එක අදිද්දිම බයික් එක ගන්න බැරිවුණා. ඔළුව උඩින්ම ගියා…”

    අනතුරිපසු එම ස්ථානයට පැමිණි මරණකරුගේ සහෝදරයා ඇතුළු පිරිසක් පොලිස් නිලධාරීන් සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බවද අනාවරණය වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.