Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුඹුරු සීනි ජාවාරමක් ගැන තොරතුරු
    Featured

    දුඹුරු සීනි ජාවාරමක් ගැන තොරතුරු

    By LFNAugust 16, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියානු දුඹුරු සීනි ලෙස හඳුන්වමින් මෙරට වෙළෙඳපොළට එන සීනි ජාවාරමක තොරතුරු හෙළි කරගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් මෙම දුඹුරු සීනි මෙරට වෙළෙඳපොළට නිකුත් කරන බව හෙළිවී ඇත.

    ඊයේ (15) ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කෙරුණි.

    අදාළ ව්‍යාපාරිකයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට සැක කෙරෙයි.

    එම ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා තුළ තිබූ සීනි ඉන්දියානු දුඹුරු සීනි ලෙස වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

    මෙලෙස මිශ්‍ර කරන ලද දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක පමණ මිලකට අලෙවිකර ඇති බවද නිලධාරීන් පවසයි.

    සුදු සීනි කිලෝවක් රුපියල් 240 බැගින් සහ රතු සීනි කිලෝවක් රුපියල් 310 බැගින් අදාළ ව්‍යාපාරිකයා මිලදී ගෙන ඇති බවට ද හඳුනාගෙන තිබේ.

    මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 1000ක් පිටකොටුව ආදුරුප්පු වීදියෙන් සොයාගෙන තිබේ.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැවසුවේ ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක් තුළ මෙම පරිප්පු තොගය වෙළෙඳපොළට යැවීමට දිලීර ඉවත් කරමින් ඇසුරුම් කරමින් තිබූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.