Author: LFN
ඉන්දිය අත්අඩංගුවෙන් පළාආ ශ්‍රී ලාංකිකයෙකු වෙන්නප්පුව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. නාවික හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව සහ පොලීසිය එක්ව වෙන්නප්පුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරුව අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය. නීතිවිරෝධීව ඉන්දීය ධීවර යාත්‍රාවකින් වෙන්නප්පුව වෙරළ තීරයට පැමිණි එම පුද්ගලයා රහසිගතව ගොඩබැසීමට උත්සාහ කළ අවස්ථාවේදී එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත 2021 වසරේදී ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ අයෙකු බව වාර්තා විය. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකරන බව නාවික හමුදාව පැවසීය.
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ. යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින් ඒ සඳහා අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය. එම සංගම් විසින් කළ ඉල්ලිමකට අනුව මෙලෙස අවසරය ලබාදි ඇත. ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රමාණවත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අපේක්ෂකයින් වැඩි වුවද එය ජනාධිපතිවරණයට ගැටලුවක් නොවන බවයි.
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29කි. අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා (14) දහවල් 12ට අවසන් වීමට නියමිතය. මැතිවරණ කොමිසම පවසන්නේ ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේනම් මෙවර මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යනු ඇති බවය. 1994 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගෙන ඇති ඉහළම ඡන්ද ප්‍රතිශතය සියයට 4.08කි. ඒ 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි. ආසන්නතම ජනාධිපතිවරණය වන 2019 වසරේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අතිරේක අපේක්ෂකයින් 33 දෙනාටම ලබාගත හැකිවූයේ 2.5%ක ඡන්ද…
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දන්වා තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
දේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එලෙස මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිලි කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ එලෙස අයකරනු ලබන කිසිදු මුදලකට තමන් විසින් වග නොකියක බවයි. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මගින් පරිපාලනය කරන සියලුම බදු වර්ගයන්ට අදාළව හිඟ බදු අයකිරීමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම්…
තීරු බදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන තිබේ. ඊයේ (10) අලුයම 12.30ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු විසින් මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් මෙරටට රැගෙනවිත් තිබුණි. මෙලෙස රැගෙනවිත් ඇත්තේ ‘අයි ෆෝන්’ 36ක් සහ ලැප්ටොප් පරිගණක 06කි. ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා මෙම ජංගම දුරකථන සහ පරිගණක පිටතට ගෙන යමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබුණි. අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව සඳහන් ය. අත්අඩංගුවට පත් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක…
එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ඇය ඒ බව පැවසුවේ අද (11) උදෑසන කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එළඹෙන 17 වනදා සිට දින තුනක් පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී එම සමීක්ෂණය සිදුකිරීමට නියමිත බව සඳහන්ය. සමීක්ෂණයේ දත්ත රැස්කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන්, ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුලු පිරිස් එක් කරගැනීමට බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සුරියබණ්ඩාර මහතා පැවසීය. ලබා ගන්නා දත්ත මත මෙරට අලි ගහනයේ ඉදිරි පැවැත්ම පුරෝකථනය කිරීම, අලි මිනිස් ගැටුම් මැඩලීම සඳහා උපාය මාර්ගික සැලසුම් පිළියෙල කිරීම යනාදී පියවරයන් ගැනීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී සුරියබණ්ඩාර මහතා…
සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව බිබිල නගරයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය. එමෙන්ම හැටන් ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවය. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා දැකීම තම පුද්ගලික සතුට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පැවසීය. මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයින් සමග අම්පාරේ පැවති සාකච්ඡාවකදීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී පොදුජන…
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින් රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී ගිනිඅවි ඇතුළු ආයුධ රැසක් සොයාගැණුනි. ඒ, මාකොළ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගැණුන සැකකරුවන් පිරිසකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් කරුණු මත පදනම්වය. මාකොළ ප්‍රදේශයේදී සැකකරුවන් 7 දෙනෙකු පසුගියදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ද එම නිලධාරින්ගේ භාරයට ගැණුනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් හා ගුවන් හමුදාවෙන් සේවය අතහැර පළා ආ පුද්ගලයින් දෙදෙනෙක් ද වූ අතර සැකකරුවන් 7 දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය පියවර ගෙන තිබුණි. ඒ අනුව රාජගිරිය ප්‍රදේශයේ නිවසක් අද පරීක්ෂා කෙරුණේ සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් කරුණු මතය. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස්…