Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
    Featured

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

    By LFNAugust 12, 2024No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය ආදායම් නිලධාරින් ‍ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    එලෙස මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත්තේ එලෙස අයකරනු ලබන කිසිදු මුදලකට තමන් විසින් වග නොකියක බවයි.

    දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මගින් පරිපාලනය කරන සියලුම බදු වර්ගයන්ට අදාළව හිඟ බදු අයකිරීමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී නීත්‍යානුකූලව පමණක් සිදු කරන බව සියලුම බදු ‍ගෙවන්නන් වෙත ඔහු දැනුම් දී තිබේ.

    එමෙන්ම බදු ගෙවීම් පිළිබඳ හෝ වෙනත් යම් ගැටලුවක් වෙතොත් ළඟම ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණ එම ගැටලු නිරාකරණය කරගන්නා ලෙසට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.