Author: LFN

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තවදුරටත් වැඩිවන්නේනම් ඒ වැඩිවන සෑම අයෙකු සඳහාම රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, “එක අපේක්ෂකයෙක් වැඩි වුණ ගමන්, අඩුම ගානේ මම නම් කියන්නේ මිලියන 200ක් විතර අපේ වියදම වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. මතවාදමය වශයෙන් එන කිහිපදෙනෙක් ඉන්නවා. අපිට කිසි ගැටලුවක් නෑ මතවාදය වෙනුවෙන් ඒ මිනිහා දෙන්නෙක් එක්ක හරි පෙනී ඉන්නවා. හුඟාක් දෙන්නේ මීඩියාවල කාලය අරගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙන පක්ෂයකින් ඉල්ලන්න හරි නැත්නම්…

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී තිබේ. මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ අතර හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළේය. අද (09) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් දෙදෙනා පැවසුවේ අධිකරණ තීන්දුව පිළිබඳව කනගාටුවක් නොමැති අතර, අමාත්‍ය ධුරයේ කටයුතු කළ කාලසීමාව තුළ හැකි උපරිමයෙන් එහි වගකීම් ඉටු කිරීමට හැකි වූ බවය. මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කිරීමත් සමග ඔවුන්ට…

Read More

ජනාධිපතිවරණය සදහා උතුරු-නැගෙනහිර දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව පොදු අපේක්ෂකයෙකු ඊයේ තෝරා ගෙන ඇත. නමුත් දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ කඳුකර ජනතාව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. කවුරු ජනාධිපති වුණත් තමන්ගේ මූලික ප්‍රශ්න විසඳෙන්නේ නැති බව කඳුකරයේ ජනතාව හොඳින්ම දන්නවා. 1977 අපේ කඳුකරයේ ජනතාව ඡන්දය දී තමන්ගේ පළමු නියෝජිතයා පාර්ලිමේන්තුවට තෝරා යැවු දා සිට බොහෝ දුරට මහා ජාතිය කියන දේ කරන දේශපාලනයක් දක්නට ලැබේ. ඒ වාගේම කවුරු ජනාධිපති වුවත් තමන්ට ඡන්දය දුන් ජනතාවගෙන් යමක් කර කාලය ගත කරනවා යන මානසිකත්වයෙන් කඳුකර දේශපාලකයෝ කාලයක් තිස්සේ තම දේශපාලනය ඉදිරියට ගෙන ගියහ. ඒ වගේම ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් කඳුකර ප්‍රජාව…

Read More

ඉදිරි දින 10ක් ඇතුළත බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවය. දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය. ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

Read More

ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය. ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා තවදුරටත් පැවසීය.

Read More

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස් පවසා තිබුණේ බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවය. බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගියාය. ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව සඳහන් ය

Read More

සටන් පාඨ කියමින් මහමග ගොස් ජනතාවගේ දුප්පත්කම තුරන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් පසුගිය (07) කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. ඊට දිවයින පුරා සමූපකාර සමිති ජාලයේ සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් එක්විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අපි දැන් ගොඩ එන්නේ IMF එකත් ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් ආයෙත් පෝලිම් යුගයකට යයි. අපි 17 වතාවක් IMF ගිවිසුම් කැඩුවා. මට කිව්වා 18 වන වතාවට කැඩුවොත් ආපහු මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා.”

Read More

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) නීතිපතිවරයාට නියෝග කළේය. ඒ, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ව්‍යාපාරිකයෙකු අත්අනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නිරුවත් කොට ලිංගික හිරිහැරවලට භාජනය කර අමානුෂික ආකාරයෙන් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් ජාතික පොලිස් කොමිසමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. ඊට අමතරව මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශනය තම පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.…

Read More

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් කැප්පෙටිපොළ රැඳවුම් මධ්‍යස්ථානයකින් ඊයේ (08) අලුයම ගැහැණු ළමයින් 09 දෙනෙකු පළාගොස් තිබුණි. පසුව ඔවුන් නුවරඑළියේ රැඳී සිටියදී වැලිමඩ පොලිසීය විසින් සිය භාරයට ගෙන ඇත. එම ගැහැණු ළමයින් 09 දෙනා අද (09) වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පවතින නීති ප්‍රකාරව ජාතික ජන බලවේගයේ විධායක මණ්ඩල සභික කේ .ඩී. ලාල්කාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බව සමගි නීතිඥ සංගමය පවසයි. ඒ අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවට කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයට එරෙහිව එම සංගමයේ සාමාජිකයින් ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී ය.

Read More