Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රන්මල් කොඩිතුවක්කු ගැන විමර්ශනයක්
    Featured

    රන්මල් කොඩිතුවක්කු ගැන විමර්ශනයක්

    By LFNAugust 9, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) නීතිපතිවරයාට නියෝග කළේය.

    ඒ, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ව්‍යාපාරිකයෙකු අත්අනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන නිරුවත් කොට ලිංගික හිරිහැරවලට භාජනය කර අමානුෂික ආකාරයෙන් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

    ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් ජාතික පොලිස් කොමිසමට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

    ඊට අමතරව මෙම සිද්ධියට අදාළ අපරාධ විමර්ශනය තම පෞද්ගලික අධීක්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

    රාජගිරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන මිශාර රණසිංහ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කෙරුණි.

    මෙරට සිටින ජ්‍යේෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08දෙනා අතුරින් එක් අයෙකු වන රන්මල් කොඩිතුවක්කු මහතා මේ ආකාරයෙන් උසස් පොලිස් නිලධාරියෙකුට නොගැලපෙන අයුරින් අමානුෂික ආකාරයෙන් කටයුතු කළේ කෙසේදැයි ප්‍රශ්න කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියෙකු මේ ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

    මෙම පෙත්සමට අදාළ විරෝධතා සති 08ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 04 වනදා සිදු කරන බවත් නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.