Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුවිය සමූහ දුෂණයට ලක්කළ සැකකාර සිසුන්ට අධිකරණයෙන් නියෝගයක්
    Featured

    පාසල් සිසුවිය සමූහ දුෂණයට ලක්කළ සැකකාර සිසුන්ට අධිකරණයෙන් නියෝගයක්

    By LFNAugust 13, 2024No Comments2 Mins Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ඊයේ 12) දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර සිසුන් 17 දෙනාගෙන් 14දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් මඟින් පරිවාස භාරයට පත්කරන ලෙස නියෝග කර තිබේ.

    ඊට අමතරව තවත් සිසුන් තිදෙනෙකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් කාන්තාව ද අගෝස්තු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම සිසුවියක් එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ.

    එම සිසුවා, මෙම දැරිය මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇය දූෂණය කළ බව වාර්තා වේ.

    පසුව එම නිවෙසේ සිටි තවත් සිසු පිරිසක් මෙම දැරිය දූෂණය කර එය වීඩියෝගත කර ඇතැයි හෙළිවූ බව පොලීසිය පවසයි.

    සැකකාර සිසුන් එම වීඩියෝව දැරියට පෙන්වා බිය ගන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇති බව වාර්තා වේ.

    ඒ සඳහා සම්බන්ධ වී ඇති එම පාසලේ සිසුන් ගණන 17 කි.

    එහි ආසන්නතම සිදුවීම පසුගිය දිනක සිදුව තිබුණේ කිරිඳිඔය අසලදීය.

    එහිදී සිසුන් 7 දෙනක් මෙම දැරිය ඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබේ.

    මෙම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවටද අනාවරණ වී ඇති අතර ඔවුන් මෙම සිසුවිය හා එම සිසුන්ද ගෙන්වා කරුණු විමසා සිද්ධිය යටපත් කර ඇති බව පොලීසිය පවසයි.

    ඒ පාසලට කැළලක් විය හැකියැයි බව පවසමිනි.

    තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුත්‍රයෙක්ද සැකකරුවන් අතර සිටින අතර එම සිසුවාගේ මවද පාසැල් ගුරුවරියකි.

    තමාට සිදුවූ මෙම අපරාධය සහ හිංසන සිසුන්ගේ තර්ජන මැද සිසුවිය කිසිවකුටත් පවසා නැතත් ඇය එම මානසික පීඩනය පිළිබඳ සිය නිවසේ බිත්තිවල විවිධ චිත්‍ර සටහන් ඇද තිබුණි.

    මේ අතර මෙම සිදුවීම පිළිබඳ තොරතුරක් ලද තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන විමර්ශනයක් අරඹා තිබේ.

    දැරිය පවසා ඇත්තේ, එම සිසුන් පාසලේ වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත්, සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා තමා දූෂණය කළ බවය.

    පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් පොලීසිය සැකකාර සිසුන් 17දෙනා සහ මීට අනුබල දුන් කාන්තාවක්ද ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    ඔවුන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණි.

    මේ අතර අපයෝජනය වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය තවදුරටත් පීඩාවට පත් කළ බවට ඇගේ මව චෝදනා කළාය.

    ඒ අනුව දැරියගේ මව මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.