Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගොළු බිහිරි ගම්මානයක්, පවුල් 20යි, 15කම උපතින් ගොළු බිහිරි අය
    Featured

    ගොළු බිහිරි ගම්මානයක්, පවුල් 20යි, 15කම උපතින් ගොළු බිහිරි අය

    By LFNAugust 10, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඩු පහසුකම් මැද ජීවත්වන, ගොළු බිහිරි ගම්මානයක් පිළිබඳ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වේ.

    මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයට අයත් අංක 553 මීවැල්ලෑව ග්‍රාම සේවා තුලානේය.

    නමින් තිනිපිටිගම වන මෙම ගම්මානයේ පවුල් 20කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර, ඉන් පවුල් 15ක පමණ උපතින්ම ගොළු බිහිරි අය ජීවත් වේ.

    එමෙන්ම ඔවුන් ඉතා අපහසුතා මැද ජීවත්වෙන අතර, ගම්මානයට පිවිසීමට හරිහමන් මාර්ගයක් නොමැති පසුබිමක එම ගම්මානයේ වැසියන් බීමට ජලය ලබා ගන්නේද පිටතින් පැමිණෙන ලොරි රථ මඟිනි.

    තවද බොහෝ නිවාස කටු මැටි හෝ ටකරන් සෙවිලිකර තනාගත් නිවාසය.

    නිරන්තරයෙන් වන අලීන්ගෙන් බැට කන මෙම ගම්මානයේ වැසියන්නේ ප්‍රධාන ජීවිකාවන් වී ඇත්තේ කුලී රැකියා, සත්ත්ව පාලනය හා ධීවර රැකියාව යනාදියයි.

    අඩු පහසුකම් යටතේ ජීවත් වන මොවුන්ට, ආබාධිත දීමනා වශයෙන් රජයෙන් රුපියල් 5,000ක මුදලක් හිමි වේ.

    කෙසේ නමුත් සිය ජීවිකාව ගැටගසා ගැනීමට එම මුදල ප්‍රමාණවත් නොමැති නිසා, කුලී රැකියා සොයා ගියද බොහෝ දෙනෙකු ගොළු බිහිරි වීම නිසා කුලී රැකියාවක්වත් නොලැබෙන බව සඳහන්ය.

    ඉඳහිට හෝ ලැබෙන කුලී රැකියාවෙන් උපයන සොච්චම් මුදල තම ජීවිකාව කර ගැනීමට හෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි බව ඔවුහු පවසති.

    දිය නෑම සහ දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීමට ගම්මානයේ වැවක් තිබුණද, එයද ඉඩෝරයට සිඳී යන බවද වැසියෝ පෙන්වා දෙති.

    මීට වසර කිහිපයකට පෙර ධානපතියකු විසින් මෙම ගම්මානයට ජල පිරිපහදුවක් ලබා දී තිබුණද, එහි මෝටරය කැඩී ගොස් ජල පෙරනයද අක්‍රිය වී තිබීමද කනගාටුවට කරුණකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.