Author: LFN
දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන දුම්රියවල ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවය. දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමින් එහි සේවකයින් මේ වනවිට සේවා කටයුතුවලින් ඉවත් වී තිබේ. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවය. පවතින තත්ත්වය හමුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවනු…
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් අසුන් ගන්නා ආසනවලට පසුපසින් හිටපු අමාත්‍යවරුන්ට වෙන්කර ඇති ආසනවලින් එකක් ඔහුට වෙන් කෙරෙනු ඇත. කෙසේ වෙතත් ඔහු විපක්ෂයේ අසුනක් වෙන් කරන්නැයි ඉල්ලීමක් කළහොත් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සලසා දීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් බැඳී සිටින බව දැනගන්නට ඇත. විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔහු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වීම හේතුවෙනි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය නොදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට මෙතෙක් විපක්ෂයේ අසුන්…
අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් යැයි එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය වර්තමානයේ මේ රටේ සිදුවන අන්දමේ අප්‍රසන්න දේශපාලන සිදුවීම් මීට පෙරකවර කලකවත් සිදුවී නැති බව පැවසූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට අප්පච්චි කී අය දැන් රනිල් වික්‍රමසිංහ මහතාවද අප්පච්චී ලෙස හඳුන්වන බව කීය සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් එළියට යන විට පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම පක්ෂය තුළට රිංගා ඇති බවද සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන හිරේ දමන…
තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා අැත. මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු වහා කොමිෂන් සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගෙන ඒ අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඉදිරි මැතිවරණ රාජකාරී කටයුතුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිගත යුත්තේ කුමන පාර්ශ්වය දැයි ගැටලුවක් මතුවූ හෙයින් නීතිපතිවරයාගේ අදහස විමසීමට කොමිෂන් සභාව මෙසේ තීරණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වශයෙන් කොටස් තුනකට මේ වනවිට බෙදී පවතී. ශ්‍රී…
දින ගණනක් පුරා රජයට එරෙහිව පැවති විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනිද්දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඊයේ (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා ගියාය. මේ වන විට ඇය ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වෙයි. බංග්ලාදේශ හමුදා ප්‍රධානියා ජාතිය අමතමින් අද නිවේදනය කළේ රට තුළ කඩිනමින් අන්තර්වාර රජයක් පිහිටුවන බවය. බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කළේ රජයේ රැකියා කෝටා ක්‍රමවේදයට විරෝධය පළකරමිනි. ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන රට පුරා පැතිර ගිය එම විරෝධතා අතරතුරදී 300කට ආසන්න පිරිසක් මරණයට පත්වුණි. අර්බුදයට තුඩුදුන් රැකියා කෝටා ක්‍රමවේදය අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ විරෝධතා පාලනයට රජය අනුගමනය කළ එම දැඩි මර්දනකාරී…
මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවය. “අප දන්නවා අද මේ වායූ විමෝචන සහතික අරගෙන ඒ වාහනහිමියන්ට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න මෝටර් වාහන බලපත්‍රය ගන්න. රක්ෂණ ආයතනයට යන්න වෙනවා රක්ෂණ සහතිකය…
අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ පක්ෂය නිවැරදි තීන්දු නොගතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දෙතුන් දෙනෙකු පමණක් ඉතිරි විය හැකි බවයි. දිවුලපිටිය ආසනයේ ඊයේ (4) පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද අඩුවී තිබුණි. පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ අඩුවූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිල විය. විශේෂයෙන්ම මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවේ යැයි වෙළෙඳපොළ පාර්ශ්ව තුළ යම් චකිතයක් නිර්මාණය වෙමින් ඇති බව සඳහන් ය.
ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32ක සුපිරි ජයක් හිමිකර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (04) රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 42.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි. ඉන්දියාව මෙම පරාජය ලැබුවේ ඔවුන් පළමු කඩුල්ලට පන්දුවාර 13.3කදී ලකුණු 97ක ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාගෙන සිටියදී වීමත් විශේෂත්වයකි. ඉන්දීය ඉනිම ආරම්භ කළ නායක රෝහිත් ශර්මා ප්‍රහාරාත්මක ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය. පන්දු 44කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් හා හතරේ පහර 05ක් ඇතුළත්…