Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ප්‍රබල අගමැතිනිය බලයෙන් පහකළ මාර්ච් ටු ඩකා
    International

    ප්‍රබල අගමැතිනිය බලයෙන් පහකළ මාර්ච් ටු ඩකා

    By LFNAugust 6, 2024No Comments3 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දින ගණනක් පුරා රජයට එරෙහිව පැවති විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනිද්දී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඊයේ (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා ගියාය.

    මේ වන විට ඇය ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වෙයි.

    බංග්ලාදේශ හමුදා ප්‍රධානියා ජාතිය අමතමින් අද නිවේදනය කළේ රට තුළ කඩිනමින් අන්තර්වාර රජයක් පිහිටුවන බවය.

    බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කළේ රජයේ රැකියා කෝටා ක්‍රමවේදයට විරෝධය පළකරමිනි.

    ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන රට පුරා පැතිර ගිය එම විරෝධතා අතරතුරදී 300කට ආසන්න පිරිසක් මරණයට පත්වුණි.

    අර්බුදයට තුඩුදුන් රැකියා කෝටා ක්‍රමවේදය අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ විරෝධතා පාලනයට රජය අනුගමනය කළ එම දැඩි මර්දනකාරී පිළිවෙතට ජාත්‍යන්තරයෙන් පවා එල්ලවූ විවේචන හමුවේ ය.

    නමුත් ඉන් නොනැවතුණු ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැකියා කෝටාවට එරෙහි විරෝධතාව රජයට එරෙහි දැවැන්ත විරෝධතාවක් බවට පරිවර්තනය කරමින් යළි උද්ඝෝෂණ ආරම්භ කළේ මීට දින කිහිපයකට පෙරාතුවය.

    ඒ, පෙර විරෝධතා අතරතුර මියගිය පිරිසට යුක්තිය ඉටුකර ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිනි ෂෙයික් හසීනාට බල කරමිනි.

    නගර රැසක දී ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙවර විරෝධතාවේ නිරත වූයේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ ද සහාය ඇතිව ය.

    ගෙවුණු දෙසතිය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ගණන 10,000ක් පමණ බව විදෙස් මාධ්‍යවල සඳහන්ය.

    රටපුරා නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඊයේ පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව රටපුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවීමටත් අන්තර්ජාල සබඳතා අවලංගු කිරීමටත් රජය පියවර ගත්තේය.

    ඇඳිරිනීතිය මැද ශිෂ්‍ය ක්‍රියාකාරීන් රජයට එරෙහිව අදත් දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වූයේ “මාර්ච් ටු ඩකා” නමිනි.

    එය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළත් අතිශය ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් පාලනයට ආරක්ෂක අංශ සමත් වුණේ නැත.

    පසුව විරෝධතාකරුවන් ඩකා අගනුවර අගමැති නිල නිවසට කඩා වැදුණි.

    ඔවුන් එහි කඩා වදින විටත් අගමැතිනිය ආරක්ෂිත ස්ථානයක් වෙත ගිය නික්ම ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    අගමැති නිල නිවස පරිශ්‍රයේ පිහිටා ඇති ශෙයික් මුජිබර් රහුමාන් පිළිරුව විරෝධතාකරුවන් විසින් බිඳ දැමුවේය.

    මුජිබර් රහුමාන් යනු බංග්ලාදේශයේ නිදහසේ පුරෝගාමියා සහ නිදහස් බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා වන අතර ඔහු වත්මන් අගමැතිනි ෂෙයික් හසීනාගේ පියාය.

    අගමැති නිල නිවසට කඩාවැදුණු විරෝධතාකරුවන් එහි දේපොළවලට හානි කරමින් හැසිරුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

    ඇතැමුන් එහි භාණ්ඩ සොරකම් කළ බවත් විදෙස් මාධ්‍යවල සඳහන් වුණි.

    විරෝධතාකරුවන් ඩකා අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද කඩාවැදී තිබුණි.

    දේශපාලන විචාරකයින් මත පළ කර තිබුණේ ලේ වැගිරීමකින් තොරව ෂෙයික් හසීනා කිසිවිටෙකත් සිය ධුරයෙන් ඉවත් නොවන බවටය.

    එය සත්‍යයක් කරමින් තුන්සියයකට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මියගිය පසු සිය ධුරයෙන් අද ඉල්ලා අස් වීමට අගමැතිනිය පියවර ගත්තාය.

    ආරක්ෂිත ස්ථානයක සිටි ඇය පසුව ඉන්දියාවට පළාගිය අතර ඇය රැගත් යානය ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුරකට ළඟාවී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

    ෂෙයික් හසීනා බංග්ලාදේශ අගමැති ධුරයට පත්වුණේ 2009 වසරේදීය.

    ඇයගේ වසර 15ක පාලනය තුළ එරට ආර්ථිකය වේගවත්ව වර්ධනය වූ බව වාර්තාවලින් පෙනීගියත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා එල්ලවුණි.

    අඛණ්ඩව සිව්වන වරටත් මේ වසරේ ඇය අගමැති ධුරයට පත්වුවද මැතිවරණ ප්‍රතිඵල දූෂිත බව එල්ලවූ ප්‍රසිද්ධ චෝදනාවකි.

    15 වසරක පාලන කාලය තුළ ඇය මුහුණදුන් මෙම දැවැන්තම විරෝධතාව නිර්මාණය වන්නේ එවැනි තත්ත්වයක් හේතුවෙනි.

    විරෝධතා මැද අගමැතිනිය පළායද්දී හසීනා රජයේ ඉහළ නිලධාරීන් රැසක් ද අද රටින් පිටවගොස් තිබුණි.

    පසුව බංග්ලාදේශයේ පාලනය භාරගත් එරට හමුදා නායකයා ජාතිය අමතමින් කියාසිටියේ කඩිනමින් අන්තර්වාර පාලනයක් පිහිටුවන බවය.

    “අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. මම සියලුම පක්ෂවල දේශපාලන නායකයින්ට සාකච්ඡා සඳහා ආරාධනා කළා.අපි අන්තර්වාර රජයක් පිහිටුවීමට තීරණය කළා. ඒ අනුව රට ඉදිරියේ දී පාලනය වන්නේ අන්තර්වාර රජයක් යටතේයි.”

    මේ අතර ෂෙයික් හසීනාගේ අනාගත සැලසුම් ගැන අදහස් දක්වමින් ඇයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ, සිය මව නැවත වරක් දේශපාලනය නොකිරීමට ඉඩඇති බවය.

    හසීනාගේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කළ ඔහු බීබීසී පුවත් සේවය සමග ඒ බව පවසා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.