Author: LFN
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) නියෝග කළේය. තමන් රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බැවින් දැනට ලබාදී තිබෙන ආරක්ෂාව දැඩි කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා මෙම පෙත්සම ගොනුකර ඇත. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්, ජාතික පොලිස් කොමිසම සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. අදාළ පෙත්සම විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් අද (02) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. එමෙන්ම බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අය විසින් ඇප මුදල් තැන්පත් කර ඇත. මෙවර ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.
ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර 07ක් අධිකරණය හමුවේ කියවා දීමෙන් අනතුරුව ඇය මේ බව ප්‍රකාශ කළේය.
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ද මියගියේය. ඔහුව ඝාතනය කර තිබුණේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් හි නිවසකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකිනි. මෙම ඝාතන හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම වැඩිවී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන් අනතුරුවය.
2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඊයේ (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණි. එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.” යනුවෙනි.
T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සමග මවුලවිවරයෙකු ඔට්ටමාවඩි, නාවල්අඩි මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරකෙරුණි. ඔට්ටමාවඩි, නාවල්අඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියකින් ගිනිඅවියක් රැගෙන ගමන් කරන බවට යුද හමුදා බුද්ධි අංශය පොලිස් විශේෂ කාර්ය බළකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට තොරතුරක් ලබාදී තිබුණි. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් හා උණ්ඩ 29ක් ඔහු සන්තකයේ තිබියදී සොයා ගැනුණි. අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින්වලදී හෙළිවූ තොරතුරු අනුව ඔහුගේ සහෝදරයෙකුගේ නිවසක් පරීක්ෂාවට ලක්කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පියවර ගත් අතර, එහි තිබී තවත් T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ…
18 හැවිරිදි විවාහක තරුණියකගේ සැකසහිත මරණයක් හේතුවෙන් පඬුවස්නුවර කිරිමැටියාව කෙලිනාවල ප්‍රදේශයේ ඊ (31) නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ තරුණියගේ සැමියා කළ පහරදීමකින් ඇය මියගොස් ඇති අතර පොලීසිය සැකකාර සැමියා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවය. කිරිමැටියාව කෙලිනාවල පදිංචිව සිටි 18 හැවිරිදි සෙනුරි ප්‍රේමතිලක මියගොස් තිබුණේ මීට දින කිහිපයකට පෙරාතුවය. සෙනුරිගේ සැමියා කළ පහරදීමක් ඇයගේ මරණයට හේතුවී ඇති බවට සෙනුරිගේ ඥාතීන් චෝදනා කරයි. ඒ අනුව සෙනුරිගේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් කිරිමැටියාව උණලීය මාර්ගයේ දී අද පස්වරුවේ විරෝධතාවයක නිරත වුණේ මරණයට සැකකාර සෙනුරිගේ සැමියා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමිනි. ඔවුන් මෘත දේහය ද මහමඟට රැගෙන විත් විරෝධය දැක්වීය. ඥාතීන් පවසන්නේ, මියගිය සෙනුරිගේ…
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.