Author: LFN
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ. අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී ඇත. මේ පිළිබඳ අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කළ බවය.
විජයදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නේය.
හිස්බුල්ලා සටන්කරුවන් විසින් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර තිබේ. එහිදී දරුවන් සහ තරුණයින් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි. මේ අතර ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකළ යුතු බවට ආ යෝජනාව සම්මත කර තිබේ. හිස්බුල්ලා සටන්කාමීන් ට ඉරානයේ සහාය ලැබෙයි. ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර යුද්ධයක් ආරම්භවීමට ඉඩ ඇති බවයි. ඒ හේතුවෙන් බේරූට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බලධාරීන් ගුවන් ගමන් අත්හිටුවීමට සහ පමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. තම ගුවන්වාර කිහිපයක් අත්හිටුවීමට තීරණය කළ බව ලුෆ්තන්සා ගුවන්සේවය පවසයි.
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ. එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි. තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම් පත් ඡන්දහිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ වෙඩ් අඩවියෙන් ද ලබාගත හැකිය.…
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා” ජන රැලිය අමතමිනි. ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙන බවය.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු දෙවැනි 20යි විස්ස ජාත්‍යන්තර තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ කඩුළු 07කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමිනි. වර්ෂාව හේතුවෙන් පළමු ඉනිමෙන් අනතුරුව තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ක්‍රීඩා කළේය. ඒ අනුව තරගය ජය ගැනීමට ඉන්දියාවට පන්දුවාර 08ක දී ලකුණු 78ක ඉලක්කයක් හිමි විය. එහිදී පන්දුවාර 06යි පන්දු 03කදී කඩුළු 03ක් දැවී ලකුණු 81ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය ඉන්දීය කණ්ඩායමට හිමි විය. තරගය ඊයේ (28) පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව…
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එහි සඳහන් වේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 1ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 67 ත් අතර මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 70 – 80 ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවය. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා…
හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රී තානායමක් ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි. වෙඩිවැදිමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ත්‍රීරෝද රථයකට නැගීමට උත්සාහ කිරිමේදි වෙඩික්කරුවන් ත්‍රීරෝද රථයටද වෙඩිප්‍රහාරයක් එල්ලකර ඇත. එහිදී ත්‍රිරෝදරථයේ රියදුරුට ද වෙඩි වැදී තිබේ. කෙසේවෙතත් ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර තිබු බව පොලීසිය සඳහන් කළේය. වෙඩිවැදිමෙන් 34 සහ 54 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් හබරාදූව සහ අගුළුගහ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ. මාධ්‍ය කළ විමසීමක දී නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා මේ බව පැවසීය. ඒ මහතා සඳහන් කළේ සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපිද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම් සහ පරිපාලන ගාස්තු ආදිය ඇතුළු වියදම් රැසක් සඳහා මෙම ඇස්තමේන්තුව යොමුකළ බවයි. කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුව පුරෝකථනයක් පමණක් බැවින් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස්විමේ හැකියාවක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. ” මේ මැතිවරණයක් ඉල්ල කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට බැහැ. එතකොට මූලිකත්වය ලබා දුන්නේ වාහන හැර අනෙක් සියලු ම සීමා ලිහිල් කළා. වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය…