Author: LFN
මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාවේ සුවිශේෂී වෙනසක් සිදුකිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. සැමට ඡන්දය නමින් පසුගිය (22) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කළේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, “අපේ මැතිවරණ වියදම්වලින් වැඩිපුරම මුදලක් අපි දරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයේ මුද්‍රණාලයට. අපි ප්ලේන්ටියක් බොන අතරේ තැපැල් අයිස් කෝෆි එකක් බිබී වැඩේ කරනවා. මගුල අපේ.. හැබැයි හනිමූන් යන්නේ වෙන කට්ටිය. හැබැයි මේ පාර නම් පැහැදිලිව වියදම සම්බන්ධයෙන් බලන්න වෙනවා.” “මේ සැරේ අපේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම පේළි දෙකේ ඡන්ද පත්‍රිකාවක්…
පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි. Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි. R3F යෙදුම හරහා විශාල වශයෙන් මුදල් උපයාගත හැකි බවට ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ජවාරමට පුද්ගලයන් 5,500ක් පමණ හසුවී ඇති බවය. මේ හරහා ගිණුම් 31,000ක්…
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී චීට්ල් පිළිගෙන තිබේ. අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවය. එහිදී රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම නීති සම්පාදකයින්, ඇය වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකර තිබුණි.
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) එම අනතුර සිදුව තිබුණේ, තිරප්පනේ, වේයන්ගොඩ, අහුංගල්ල සහ මාතලේ යන පොලිස් වසම්වලය. ඒ-09 ප්‍රධාන මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී වාහනයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ කැදෑව, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. රිය අනතුර සිදුකර පළාගිය වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර වේයන්ගොඩ, නයිවල – උඩුගම්පොළ මාර්ගයේ බංගලාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සුනඛයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි. අනතුරින් බරපතළ තුවලා ලැබූ යතරුපැදිකරු 58 හැවිරිදි ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මේ අතර ගාල්ල – කොළඹ ප්‍රධාන…
මහනුවර මධ්‍යම වෙළෙඳපොළේ හෝටලයක කාලයක් පුරා සිදුකළ කසිප්පු ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (22) සමත් විය. එම වැටලීමේ දී කසිප්පු බෝතල් 08ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෝටලයේ හිමිකරු සහ සේවකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සේවකයා කලක් යුද හමුදාවේ විශේෂ බළකායේ සේවයේ නිරතව සිට විශ්‍රාම ලැබූ අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත. කිසිවෙකුට සැක නොසිතෙන පරිදි රට බීම බෝතල්වලට කසිප්පු දමා කාලයක් තිස්සේ සැකකරුවන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ. එමෙන්ම ගැනුම්කරුවෙකු පැමිණි විට හෝටලයේ තේ හදන ස්ථානයේ ඇති අඬු කෝප්පයකට දමා කසිප්පු ලබා දී තිබෙන බවත් දෛනිකව එම…
මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ පිහිටි එහි ප්‍රධාන කපු මහතා ජීවත්වන පාරම්පරික නිවසේ ඉහළ මහලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් එම මහල සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . මෙම ගින්නෙන් වසර 150 කටත් වඩා පැරිණි එම නිවසට දැඩි ලෙස හානි සිදුවී ඇති බව වාර්තාවේ . මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ජනතාව එක්ව ගින්න ව්‍යාප්ත වීමට ඉඩ නොදී එය නිවා දැමීමට පියවර ගෙන තිබුණි . සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් විසින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය. ඉන් අනතුරුව තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදුකෙරෙයි. එහි සංගණන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් උතුරු පළාත තුළ එය සාර්ථකව සිදුකළ ද එම කටයුතු සඳහා අනෙකුත් පළාත්වල නිලධාරීන්ගේ යම් මැලිකමක් දක්නට ලැබෙන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මේ වනවිට ප්‍රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්‍රමාණයක් සඳහා අස්වැසුම පළමු…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ඊයේ (20) සමත් විය. ඒ දෙවන අවසන් පුර්ව වටයේ තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 187ක් රැස්කළේය. එහිදී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 105ක් රැස්කළේය. ලකුණු 188ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ පිතිකරුවන්ට නියමිත පන්දු ඕවර 20 අවසානයේ රැස් කර ගත හැකි වූයේ ලකුණු…
ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යළිත් වරක් දුම්රිය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවුවහොත් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්වී තිබියදී වර්ජනවල නිරත වීම අතිශය වැරදි සහගත ක්‍රියාවක් බවත් ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට දුම්රිය සේවකයින්ට අවස්ථාව සලසාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මතභේදකාරී තත්ත්වයකට තුඩු දී ඇති 2020 වසරේ දී වැඩ අවසන් වු හැටන් නව දුම්රිය ස්ථානය සහ වෙළෙඳ සංකීර්ණය මේ දක්වාත් විවෘත කර නොමැති අතර එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.