Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500ක් හසු වෙයි
    Featured

    තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500ක් හසු වෙයි

    By LFNJuly 24, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි.

    Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.

    R3F යෙදුම හරහා විශාල වශයෙන් මුදල් උපයාගත හැකි බවට ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ජවාරමට පුද්ගලයන් 5,500ක් පමණ හසුවී ඇති බවය.

    මේ හරහා ගිණුම් 31,000ක් පමණ සකස් කර ඇති අතර පාරිභෝගිකයන්ට ජාවාරම්කරුවන් පවසා ඇත්තේ, ආයෝජනය කරන මුදල මෙන් සිව්ගුණයක් මාස 10කදී උපයාගත හැකි අතර දෛනිකව 1%ක ලාභාංශයක් ලබාගත හැකි බවටය.

    මෙම ජාවාරම මගින් තමන් රුපියල් කෝටි 350ක පමණ මුදලක් වංචා කළ බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් අනාවරණ කර තිබුණි.

    ඉන් රුපියල් කෝටි 50ක පමණ මුදලක් මුල් කාලයේදී ලාභ ලෙස පාරිභෝගිකයන්ට ලබාදුන් බවත්, තවත් මුදල් ප්‍රමාණයක් මෙවැනිම පිරමීඩ ක්‍රමවේදයන්ට ආයෝජනය කළ බවත් සැකකරුවන් පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.