Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි
    Featured

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙකුට දිවි අහිමිවෙයි

    By LFNJuly 23, 2024Updated:July 24, 2024No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (22) එම අනතුර සිදුව තිබුණේ, තිරප්පනේ, වේයන්ගොඩ, අහුංගල්ල සහ මාතලේ යන පොලිස් වසම්වලය.

    ඒ-09 ප්‍රධාන මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේදී වාහනයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ කැදෑව, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

    රිය අනතුර සිදුකර පළාගිය වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර වේයන්ගොඩ, නයිවල – උඩුගම්පොළ මාර්ගයේ බංගලාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් සුනඛයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් බරපතළ තුවලා ලැබූ යතරුපැදිකරු 58 හැවිරිදි ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    මේ අතර ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අහුංගල්ල නැලිකන්දට හැරෙන හන්දිය අසලදී බස් රථයක් ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

    මේ අතර ඕවිලිකන්ද – මාතලේ මාර්ගයේ වැලිහින්න 06 කණුව ප්‍රදේශයේදී බස් රථයකට යටවී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

    මාතලේ දෙස සිට හල්ගොල්ල දෙසට ධාවනය වූ බස් රථයක් බස් නැවතුම්පොළක මගීන් බස්සවා නැවත ඉදිරියට ධාවනය කර ඇති අතර එම බස් රථයේ ගමන්කළ මගී කාන්තාවක් බස් රථයේ ඉදිරි දොරෙන් බැස බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමේදී ඉදිරියට ධාවනය වූ බස් රථයේ ගැටී එම අනතුර සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබු කාන්තාව මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, ඕවිලිකන්ද, මතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.