Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සරසවි තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනපති
    Featured

    සරසවි තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතුයි – ජනපති

    By LFNJuly 21, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවය.

    මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (20) පැවති උත්සවයට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “හිස්බුල්ලා මැතිතුමාව මම මුලින්ම දැනගත්තේ 1985 වසරේදීයි. එතුමා අද මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබෙනවා. මෙහි තාක්ෂණයට හා විද්‍යාවට මුල් තැන ලබාදී තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ අපේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබා දෙන්නයි.”

    “රජයේ අරමුණ වී තිබෙන්නෙත් අප රටේ විද්‍යා සහ තාක්ෂණය දියුණු කිරීමයි. තාක්ෂණය සහ විද්‍යාවෙන් පිරිපුන් පිරිස් අපේ රටට අවශ්‍යයි. මෙම විශ්වවිද්‍යාලය රටට වැදගත් වන්නේ ඒ නිසයි.”

    “මේ විශ්වවිද්‍යාලයත් සමඟ නැගෙනහිර පළාතට දැන් විශ්වවිද්‍යාල තුනක් තිබෙනවා.”

    “හාවඩ්, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෙස හඳුන්වන්න පුළුවන්.”

    “කොතලාවල විශ්වවිද්‍යාලය සහ NSBM හරිත සරසවිය ද ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල බව කිව යුතුයි.”

    “ඇතැමුන් මේවා උපාධි කඩ වශයෙන් හඳුන්වා දෙනවා. එතකොට කේම්බ්‍රිජ්, හාවඩ්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩද?. ඔය ආකල්පය අරගෙන ඇවිත් තමයි මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල විනාශ කළේ. කෙසේ නමුත් අපි මේවා තව තවත් දියුණු කළ යුතුයි. එදා තිබුණු විශ්වවිද්‍යාල නෙමෙයි අද තිබෙන්නේ. අද විශ්වවිද්‍යාල තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන කණ්ඩායම් සිටිනවා. එම කණ්ඩායම් ඒකාධිපති පාලනයක් වගේ සිසු සිසුවියන්ව හසුරවනවා. එවන් වූ වාතාවරණයක් තුළ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන්ට මම ප්‍රශංසා කරනවා.”

    “විශ්වවිද්‍යාල වැනි ආයතනවලට උපාධි කඩ යැයි කියන අසත්‍ය කතාවලට අප ඇහුම්කන් දිය යුතු නැහැ. දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට නම් මේ රටේ විශ්වවිද්‍යාල ක්‍රමය ප්‍රතිසංවිධානය කළ යුතුයි. මම මෙහෙම කිව්ව එක ගැන හෙට ඉඳන් සමාජ මාධ්‍යවලින් මට දොස් පවරන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ.”

    “විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් විය යුතුයි. විශ්වවිද්‍යාලය තුළදී තමන් කැමති පාඨමාලාවක් තෝරා ගැනීමේ අයිතිය සිසුන්ට ලබාදිය යුතුයි. අපේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතුයි.”

    “මෙම විශ්වවිද්‍යාලය දියුණු වුවහොත් අනෙකුත් විශ්වවිද්‍යාල පද්ධතියද දියුණු වෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි තවත් විශ්වවිද්‍යාල ඇතිවනු ඇතැයි අපේක්ෂා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.