Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සීමාවාසික පුහුණුව පටන් ගන්නත් කලින් දොස්තර වැඩේට බැස්ස වෛද්‍ය සිසුවිය රිමාන්ඩ්
    Featured

    සීමාවාසික පුහුණුව පටන් ගන්නත් කලින් දොස්තර වැඩේට බැස්ස වෛද්‍ය සිසුවිය රිමාන්ඩ්

    By LFNJuly 16, 2024No Comments2 Mins Read184 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සීමාවාසික වෛද්‍ය පුහුණුව ආරම්භ කිරීමටත් පෙර පුහුණු වෛද්‍යවරියක ලෙස පෙනී සිට නීතිඥ යුවළකගේ අවුරුදු 6 සහ 8 වියේ පසුවූ කුඩා දරුවන් දෙදෙනෙකුට පෞද්ගලික වෛද්‍ය සායනයක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වෛද්‍ය ශිෂ්‍යාවක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (15) පස්වරුවේ නියෝග කළේය.

    පසුගිය 3 වෙනිදා කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණ තිබූ නීතිඥ හුසේන් අසාර් සයිතුන් මහතා සහ නීතිඥවරියක වන පාතිමා ජුතයින් මහත්මිය සිය දරුවන් දෙදෙනොට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබූ අතර, එකී වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඒ පිළිබඳ සැකකාර වෛද්‍යවරියට දන්වා වෛද්‍ය සහතිකයක් ලබාගැනීමට පියවර ගෙන තිබිණි.

    එකී වෛද්‍ය සහතිකයේ සඳහන් නිල මුද්‍රාවේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමක් සඳහන්වී තිබී ඇත.

    පසුව ඒ පිළිබඳව විමසීමේ දී ඕනෑම අයෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට තරම් තමා සුදුසුකම් ලබා ඇති බව සැකකාරිය පවසා ඇති අතර ඒ අනුව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

    එකී පැමිණිල්ල අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තොරතුරු වාර්තාවක් සකස් කොට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ලියාපදිංචි කර තිබූ නමුත්, එවැනි සැකකාරියක් හෝ පෙර කී තොරතුරු වාර්තාව, අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව එම නීතිඥ යුවළ හා සෙසු නීතිඥවරුන් පිරිසක් අතිරේක මහෙස්ත්‍රාත්වරයාට කරුණු දක්වා තිබිණි.

    ඒ අනුව අදාළ පොලිස් නිලධාරීන් කැඳවූ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා, සැකකාර වෛද්‍ය සිසුවිය සිදුකර ඇත්තේ, මිනීමැරීමට තැත් කිරීමට සමාන වරදක් වන බැවින් වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර තිබිණි.

    නිසි බලයක් නොමැතිව වෛද්‍ය වෘත්තියේ නියැලීම යන චෝදනාවට අත්අඩංගුවට ගත් අජ්රා නියාස් නැමති සැකකාරිය එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති අතර, නීතිඥ චින්තක ප්‍රනාන්දු, මර්වින් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු 30කට ආසන්න නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රණහේවා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.