Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රගේ නිවස කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට
    Featured

    හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රගේ නිවස කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට

    By LFNJuly 13, 2024No Comments1 Min Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 50ට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු කොට්ටාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 22 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර ඇත.

    එහිදී සැකකරු විසින් ලැප්ටොප් පරිගණකයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු 5ක්, බ්‍රේස්ලට් 4ක්, මුදු 2ක් සහ මුදල් රුපියල් 10,000ක් සොරාගෙන තිබේ.

    පසුව කොට්ටාව පොලීසිය විසින් සිදුකළ විමර්ශන අනුව සැකකරු හඳුනාගෙන ඇත.

    ඒ අනුව එම සොරා ගත් භාණ්ඩ සහ සොරකම සඳහා භාවිතා කළ යතුරුපැදියක් ද සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ති‌බේ.

    පොලීසිය පැවසුවේ මෙම සැකකරු මීට පෙර කොට්ටාව, තලංගම සහ මහරගම පොලිස් වසම් වල නිවෙස් හා වෙළෙඳසැල් බිද දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බවයි.

    සැකකරු තලංගම උතුවන්කන්දේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

    පොලීසිය පැවසුවේ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

    සැකකරු නිවසට පැමිණෙන අයුරු පිටව යන අයුරු නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගත වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.