Author: LFN

නාමල් කරුණාරත්න මහතා ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණ දෙකකින් නියෝගයක් නිකුත් කර තිබේ. අද (03) දින කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළව මෙම නියෝග නිකුත් කර ඇත්තේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි. සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරිගොවින් සුරකිමේ මධ්‍යස්ථානය හා වෘත්තිය සමිති විසින් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට අදාළ මෙම නියෝග නිකුත් කෙරුණි. ඒ අනුව නාමල් කරුණාරත්න, ටි.බි සරත්, සුසන්ත කුමාර, සුමිත් අත්තනායක, බණ්ඩාර රඹුක්වැල්ල, සොසිරි රණසිංහ, නිලන්ත සිල්වා, සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු කිරි ගොවීන් සුරකිමේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම්, කිරි ගොවින් සුරකිමේ මධ්‍යස්ථානය ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන සේවක…

Read More

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබේ. තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. තරුෂි කරුණාරත්න මෙවර සිය ඔලිම්පික් සිහිනය සැබැ කරගැනීම සඳහා අවසන් මොහොත තෙක් සුදුසුකම් ලබා ගැනීමේ තරගවල නියැලීමට සිදුවුණි. ඒ ජාතික මහ ක්‍රිඩා උළෙලේ ඇය සහභාගිවූ ඉසව්ව වැසි තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කිරීම නිසා ඇයට හොඳ තරග නිමි කාලයක් වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙනි. කෙසේවෙතත් මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන්…

Read More

යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (03) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවය. ගින්නෙන් පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩිතරමක් තද වැසි ඇති විය හැකිය. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු…

Read More

වයස අවුරුදු 15ක් පමණ වන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් තට්ටු නිවාස ගොඩනැගිල්ලක 67 වන මහලෙන් ඇද වැටී මියගොස් තිබේ. කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී එම සිද්ධිය සිදුවී තිබුණි.

Read More

තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසයි. ඊයේ (02) දිනයේ පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බව එම වෘත්තීය සමිති සඳහන් කළේය. ඒ අනුව එළැඹෙන සිකුරාදා දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔවුන් සඳහන් කළේය. වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ අතර ඔවුන් අද දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණි.

Read More

තමන් ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි. මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබයි. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දැමේ. ඒ අනුව අඛණ්ඩව අප්‍රෙල්, මැයි සහ ජුනි මාසවලට අමතරව මෙම මාසයේදීත් මෙලෙස ගෑස් මිල ගණන් අඩු කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. මාසිකව සිදුකෙරෙන මිල සංශෝධනයට අනුව ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම අද කටයුතු…

Read More

ලංකා අයිඕසී සමාගම විසින් ඊයේ (02) 100 ඔක්ටේන් පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය X ගිණුමේ තබමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. මේ අතර ලංකා අයිඕසී සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා හමුවී සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය. ලංකා අයිඕසී ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය දියුණු කිරීම, ඉන්ධන මිල සූත්‍රය සහ යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගෙන තිබුණි.

Read More

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාකර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02) විපක්ෂ නායකවරයා නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. එසේම රටේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? කියා පෙරළා ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය. ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන එක සුබද, අසුබද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා. එය අසුබයි.…

Read More

වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ. එවැනි යෝජනාවකට සහයෝගය නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගෙන ආ යෝජනාව සජබ මන්ත්‍රී කණ්ඩායම අද (02) ඒකමතිකව අනුමත කර තිබුණි.

Read More