Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බයේ පැනලා ගිය එක සුබ ද අසුබ ද ?
    Featured

    බයේ පැනලා ගිය එක සුබ ද අසුබ ද ?

    By LFNJuly 3, 2024No Comments3 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාකර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02) විපක්ෂ නායකවරයා නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

    එසේම රටේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ සිටින විට අගමැතිකම බාර නොගෙන බියේ පළා යාම සුබද? අසුබද? කියා පෙරළා ප්‍රශ්න කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

    ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන එක සුබද, අසුබද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.
    එය අසුබයි.

    අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළේ, අඩු ආදායම්ලාභී ජනතාවට මාස දෙකක් සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නෙත් ඒ නිසයි. පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ ද ඒ නිසයි.

    දුප්පත්කම සුබද, අසුබද කියලත් අහනවා.

    දුප්පත්කම අසුබයි.

    ඒ නිසයි ලක්ෂ 20ක් ජනතාවට “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන්නේ.

    මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල අයිතිය ලබා දෙන්නේ ද ඒ නිසයි. තව මොනවද දිය යුත්තේ?
    ඒ වගේම විරැකියාව සුබද, අසුබද කියා ප්‍රශ්න කළා.

    විරැකියාව අසුබ නිසා තමයි අප නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කටයුතු කළේ. රටට නව ආයෝජන ගෙන එන්නේ ද ඒ නිසයි.
    මම තව එකක් අහන්න කැමතියි.

    රටේ ආර්ථිකය විනාශ වෙලා ජනතාව හාමතේ සිටින විට අගමැතිකම භාර නොගෙන බයේ දුවන එක සුබද? අසුබද? කියා මම අහනවා.

    ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200ක් මේ වන විට අප ගෙවා අවසන් කර තිබෙනවා. ඒ ගැන දුක ද? දැන් ආපසු ආධාර ලැබෙන විට නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි. ඒ ගැන දුක ද?

    හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන්ට මෙම ගිවිසුම් දෙක ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීමට දැන් අපට අවස්ථාව ලැබී තිබෙනවා. මේ පිළිබඳ දැන්ම හෙළිනොකරන ලෙස ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම දැනුම් දී තිබෙනවා. ඒ අනිත් පාර්ශ්ව සමඟ ඇති කරගත් කොන්දේසි පිළිබඳව ඒ අය දැන ගන්නා නිසයි. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගිවිසුම් තුනම එකවර ඉදිරිපත් කරන්න කියලා කිව්වා. අප මෙන්ම අයි.එම්.එෆ් ගිවිසුම අත්සන් තැබූ අනෙක් රට වන්නේ ඝානාවයි. නමුත් ඝානාව තවම එම කොන්දේසිවත් පිටතට ලබා දී නැහැ.

    විශේෂයෙන්ම මෙම කරුණු සියල්ලම හර්ෂ ද සිල්වා මහතාගේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ලබා දෙනවා. එහිදී සියලු දෙනා සාකච්ඡා කර වාර්තාවක් සකස් කරන්න. ඔබතුමා හර්ෂ ද සිල්වා මහත්මයාට ඊර්ෂ්‍යා කරනවද? ඔහු මෙය සිදු කරනවාට අකමැතිද? දැන් මෙතනට ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුවට අප දෙපාර්ශ්වයම එකඟයි. ඒ කමිටුව මොන අන්දමේ වාර්තාවක් සකස් කරයිද කියා අප දන්නේ නැහැ. අපට පක්ෂව එම වාර්තාව සකස් කරයිද, විරුද්ධව කරයිද කියා අප දන්නේ නැහැ. දැන් විවාද නොකර ඒ වාර්තාවට අනුව කටයුතු කරමු. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ගැනත් විවාදයක් අවශ්‍යද? ඒ වගේම විපක්ෂයේ උපදේශක විදියට නාලක ගොඩහේවා පත් කරගෙන එක සැරයක් වැටුණු වලේ ආයෙත් වැටෙනවද කියා ඇසිය යුතුයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.