Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙළිය පවුලේ ස්ථාවර තැන්පතු 16ක් තහනම්
    Featured

    කෙහෙළිය පවුලේ ස්ථාවර තැන්පතු 16ක් තහනම්

    By LFNJuly 5, 2024No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාස 05ක කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු දින 7කට තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

    සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් මෙලෙස තහනම් කර ඇත්තේ ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු 3කි.

    ඒ අනුව, පසුගිය ජුනි මස 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ සැමියාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125ක වටිනාකමින් යුත් ස්ථාවර තැන්පත් ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු හේතුවෙන් දින 7ක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කෙරුණි.

    එම කොමිසම පැවසුවේ, මුදල් විශුද්ධිකරණ වරද යටතේ, ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට කටයුතු කළ බවය.

    ඒ අනුව, මහාධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය දීර්ඝ කරගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසීය.

    කෙසේ වෙතත්, මෙම විමර්ශනයට අදාළව ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී අදාළ කොමිසම පැවසුවේ, ලද තොරතුරක් මත අදාළ විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවය.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    ඒ අනුව, නඩු විභාගය අවසන් වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිටත් පසුවන්නේ රිමාන්ඩ් භාරයේ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.