Author: LFN

පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් ‍‍යශෝධ රංගේ බණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‍ එහිදී ඔහු ගමන්ගත් මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණි. මෙම අනතුර සිදුවී ඇත්තේ, අද අලුයම 4.30ට පමණ කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේදීය. එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ගමන් ගත් මෝටර් රථය ගැටී තිබුණේ, ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයකය. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පවසන්නේ, අනතුරට හේතුව තවමත් අනාවරණ වී…

Read More

රුසියානු – යුක්‍රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික සෙබළුන්ගෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පිළිබඳ සොයාබැලීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය මෙරට දූත පිරිසේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (29) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, යුද්ධයට එක්වූ 121 දෙනෙකු මේ වනවිට අතුරුදන්වී ඇති බවය. මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා බැලීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි. එහිදී ශ්‍රී ලාංකික දූත පිරිස රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, රුසියානු…

Read More

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (29) පැවැත්වීමට නියමිතය. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය රාත්‍රී 8.00 ට බාර්බඩෝස් හිදී පැවැත්වෙයි. මූලික වටයේ ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර ඩී කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු අප්‍රිකාව ද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. ඒ අනුව, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දකුණු අප්‍රිකා කණ්ඩායම අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලද ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Read More

එඬරු ඇට ආහාරයට ගැනීමෙන් ඇති වූ අසාද්මිකතාවක් හේතුවෙන් පාසල් ළමුන් 8 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (28) දහවල් තච්චනාමරදමඩු ප්‍රදේශයේ දී මෙම ළමුන් එඬරු ඇට ආහාරයට ගෙන ඇති බවය. මේ අතර අවුරුදු 9 ක් වයසැති පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් 7 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි. මෙම පිරිස මඩු ප්‍රදේශයේ දරුවන් වන අතර මඩු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 කට අධික තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි. එම මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් මෙම විනාශ කිරීම් සිදුකරන බවය. මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 614 ග්‍රෑම් 36 ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 13 යි ග්‍රෑම් 686 ක් සහ කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 581 ග්‍රෑම් 34 ක් විනාශ කිරීමට නියමිතය. මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයේදී භාර ගැනීමට නියමිත අතර පෙරවරු 9.30 වනාතවිල්දුව ලැක්ටොස් වත්තේ පිහිට අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් විනාශ කිරීමට…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දන්වා ඇත. එමෙන්ම, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉදිරියේදී රටට තවත් සේවයක් ලබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ෆොන්සේකා මහතාගේ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව” ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (28) සිදුකෙරුණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “ලංකාවේ යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරපු එක්කෙනා. මම අගමැති විදියට වැඩකරද්දි කාට ද යාපනය භාරදෙන්නේ කියලා අපිට තීරණයක්…

Read More

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් නීති කෘත්‍යක් සඳහා ඊයේ (28) වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරින් තල්ලුකර පළාගොස් තිබේ. මෙම සැකකරුවන් මාංචු සමඟ පළාගොස් ඇති අතර ඔවුන් සොයා වරකාපොළ පොලීසිය විමර්ශන සිදුකරයි. එක් සැකකරුවකු ගෝනපොළ පදිංචි රොෂාන් අසංක කන්දප්පා නමැති අයෙක් වන අතර අනෙක් සැකකරු හොරණ දවුලගලවත්ත පදිංචි ජේ.ඩී.චන්න ප්‍රබෝද නමැති අයෙකි. සැකකරුවන් අවුරුදු 24 සහ 29 වයස්වල පසු වන බව සඳහන් වේ. මෙම සැකකරුවන්ට පැල්මඩුල්ල, අත්තනගල්ල, හොරණ සහ වරකාපොළ යන අධිකරණවල නඩු රාශියක් ඇති බව සඳහන් වේ. පොලීසිය පැවසුවේ සැකකරුවන් සේවීමේ විමර්ශන සඳහා පොලිස් සුනඛයින්ගේ ද සහාය මේ සඳහා ලබා ගත් බවයි.

Read More

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී ඇත. එය 2024 මැයි මාසය සඳහා 0.9%ක් ලෙස වාර්තා වී තිබුණි. 2024 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා වැඩි වී ඇති අතර 2024 මැයි මාසයේ දී එය වාර්තා වුයේ 0.0 %ක් ලෙසය. එමෙන්ම, 2024 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මැයි මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා වුණි.

Read More

සීදුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් තුළ සිදුකළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය ඇති බවට සැකකළ පාර්සල් 6ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ. එහිදී එම පාර්සල්වල තිබී කොකේන් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2,030ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2,177ක් තිබී සොයාගෙන ඇත. මෙම පාර්සල් කැනඩාව සහ අමෙරිකාවේ සිට කොළඹ, කඩවත යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබේ. අදාළ ලිපිනයන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම ලිපිනයන් ව්‍යාජ ඒවා බවය. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ, මෙම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 190කට ආසන්න බවය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට…

Read More