Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පියුමි හංසමාලිට නැවත එන්න වෙයි
    Featured

    පියුමි හංසමාලිට නැවත එන්න වෙයි

    By LFNJuly 2, 2024No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (01) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමක් සිදුකර නොමැත.

    ඒ අනුව එම කොට්ඨාසය ඇයට දැනුම්දී ඇත්තේ ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන බවය.

    නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබුණේ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුවය.

    ඊට අදාළව ජුනි 18 වනදා කොළඹ අංක 04 මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරින් කියා සිටියේ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 780ක් වැය කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ ජීප් රථය මිලදී ගෙන ඇති අතර තවත් රුපියල් මිලියන 148ක මුදලක් වැය කර කොළඹ 7, වෝඩ් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගෙන ඇති බවය.

    ඒ අනුව පියුමි හංසමාලි මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අංක 04 මහ‍ෙස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදුනි.

    මෙවැනි පසුබිමක එම විමර්ශනයට අදාළව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එම කොට්ඨාසය පියුමි හංසමාලිට දැනුම් දී තිබු අතර ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ ඇය එහි පැමිණ තිබුණි.

    ඒ අනුව අද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ආපසු පිටවයෑමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ඉඟි කර සිටියේ තම ව්‍යාපාරය වන රූපලාවණ්‍ය ආලේපන අලෙවියෙන් රුපියල් කෝටි 87 කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.