Author: LFN
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) රාත්‍රියේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශයෙන් පසු රටේ ඇතැම් ස්ථානවල සැමරුම් පැවැත්වුණි.
අද (27) දිනයේ සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර ඊයේ (26) දිනයේදී පොලීසිය ගුරු විදුහල්පතිවරුන්ට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද දිනයේ සමස්ත පාසල් පද්ධතිය වසා දමන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය.
නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ. මෙහිදී ඡන්දයක් පවත්වා ඇති අතර අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකිය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, අද අපේ රටට වැදගත් දවසක්. ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අද අවසන් කරමින් අවසන් එකඟත්වයකට එළඹුණා. චීනයේ එක්සිම් බැංකුව සමගත් අවසන් එකඟත්වයකට පැමිණියා. මේ එකඟතාවයන් සමග විදේශ රටවල සියලු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමාගැනීමට අපට හැකිවෙයි. ඉන්පසු සහනදායි කොන්දේසි මත සියලු ණය ගෙවා අවසන් කරන්න 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නත් අපට අවස්ථාව ලැබේවි. ඊළඟට තියෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමග එකඟතාවයකට එළඹීම. ඒකට මේ මාර්ගයේම ඉදිරියට යා යුතුයි. 2022 වසරේ දළ දේශීය…
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධන මහතා ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම ගිවිසුම ඊයේ (26) පස්වරුවේ අත්සන් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඊයේ බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට අත්සන් තැබුණු බවය. ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙපාර්ශ්වය අවසන් එකඟතාවකට පැමිණි පසු මෙම ගිවිසුම සඳහා අත්සන් තබා තිබේ.
කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය. එහිදී විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි.
ගුරු – විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අද (26) දහවල් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු – විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබේ. ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, පුංචිහෙට්ටි, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව අද (26) උදෑසන 10 සිට සවස 6 දක්වා කාලයේ දී කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා මාර්ගය ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලුපාර ද අවහිර නොකරන ලෙසත් මුදල් අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති…
නිවිතිගල පොලිස් වසමේ පාතකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය. වෙඩිතැබීමෙන් අවුරුදු 38ක් වූ දික්ඕවිට වත්ත, පාතකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් තුවාල ලබා තිබේ. තුවාලකරු විවාහක අයෙක් වන අතර එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්‍රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇත. වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.