Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජනාධිපති ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශය
    Hot News

    ජනාධිපති ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශය

    By LFNJune 27, 2024No Comments3 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

    එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ,

    අද අපේ රටට වැදගත් දවසක්. ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අද අවසන් කරමින් අවසන් එකඟත්වයකට එළඹුණා.

    චීනයේ එක්සිම් බැංකුව සමගත් අවසන් එකඟත්වයකට පැමිණියා.

    මේ එකඟතාවයන් සමග විදේශ රටවල සියලු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවීම 2028 වසර දක්වා කල් දමාගැනීමට අපට හැකිවෙයි.

    ඉන්පසු සහනදායි කොන්දේසි මත සියලු ණය ගෙවා අවසන් කරන්න 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නත් අපට අවස්ථාව ලැබේවි.

    ඊළඟට තියෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමග එකඟතාවයකට එළඹීම.

    ඒකට මේ මාර්ගයේම ඉදිරියට යා යුතුයි.

    2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම සඳහා වැය කිරීමට අපට සිදුවුණා.

    2027 සිට 2032 දක්වා ණය ගෙවීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% කටත් අඩු ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට දැන් ඉඩ සැලසෙනවා.

    2022දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයෙන් 34.6%ක්. මේ එකඟතා නිසා එය 2027 සහ 2032 කාලය වෙද්දී එය 13%කට වඩා අඩු වෙයි.

    2022 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

    මේ මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුණා. සංවර්ධන කටයුතු නැවතුණා. දැන් විදේශ අරමුදල් යොදවාගෙන ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකි වෙනවා.

    කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ග ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වෙනවා.

    අද අපි ඇති කරගත් මෙම එකඟතාවන් දෙකම පාර්ලිමේන්තුව හමුවේ තබනවා. අගමැතිවරයා ජූලි 02 වනදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා.

    එම එකඟතා අනුමත කිරීමට සහාය වන ලෙස රටට ආදරය කරන සියලු පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    අපට යන්න තිබෙන්නේ වැල් පාලමේ ගමනක් බව මම මතක් කළා. එදා බොහෝ දෙනෙක් බය වුණා. රට මේ අර්බුදයෙන් බේර ගන්නා වැඩ සැලැස්මක් මට තිබුණා.

    යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය කයිවාරු නොගසා වැඩේට අත ගැසීම.

    සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු 3ම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා.

    මේ මාර්ගයේ ගියොත් 4 වන කරුණ වන 2040 වන විට සංවර්ධිත දේශයක් කරා යාහැකි බව දැන් පැහැදිලි වෙනවා.

    මම වෙහෙසෙන්නේ නැවත කිසි දිනෙක IMF යන්න වෙන්නේ නැති ශක්තිමත් හා විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමට. ඒ සඳහා මම වැඩ කරනවා.

    ප්‍රතිඵල පෙන්වූ මා සමග ඉදිරියට යනවාද ? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද ?. නිවරැදි තීරණය ගන්න. ඔබ ගන්නා තීරණයෙන් තීරණය වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙමෙයි. රටේ අනාගතය.

    මම මෙතෙක් ආරක්ෂිතව ලංකාව කියන දරුවාව වැල් පාලමෙන් ඉදිරියට රැගෙන ආවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින් දැන් දරුවාව ලබාගන්න ගොඩක් අය වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට අදිනවා. ඒත් දරුවාව සැබැ මව් ගුණය ඇති අම්මාට ලැබෙනවා.

    පසුගිය සමයේ දුෂ්කර මාවතක ගමන් කළ රට, ප්‍රගතිය කරා ගෙන ඒමට කැපවූ මැති ඇමතිවරුන්, නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට මෙන්ම ඉවසීමෙන් කටයුතු කළ බහුතර ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී කෘතවේදීත්වය පළ කළේය.

    රටේ ආර්ථික තත්ත්වය යහපත් වන විට ජනතාවට සහන ලබාදුන් බවත් ඉදිරියටත් නිවැරදි මාර්ගයේ යමින් ආර්ථිකය ශක්තිමත් කරගතහොත් පවතින දුෂ්කරතා අවම කරගත හැකි බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, වර්ජනවලින්, තර්ජනවලින් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවද සිය විශේෂ ප්‍රකාශයේදී අවධාරණය කළේය.

    ආර්ථික අපායකට ඇද වැටී තිබූ රට ගොඩගැනීම සඳහා ඇතැමුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් මඟහැරි අවස්ථාවේ තමා කිසිඳු කොන්දේසියක් නොමැතිව එම අභියෝගය භාරගත් බව පැවසීය.

    එහිදී තමා සතු වූයේ තම අත්දැකීම්, සැලසුම් සහගත ප්‍රතිපත්ති සහ කැපවීමෙන් ආර්ථිකය ගොඩ නැගිය හැකි බවට වන විශ්වාසය මෙන්ම ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේ හැකියාව බවද සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට

    May 22, 2026

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 202601 Views

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ…

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.