Author: LFN

බේරුවල ධීවර වරායේ සිට බහුදින ධීවර යාත්‍රාකින් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිටි අයෙක් එහි සිටි තවත් ධීවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. නින්දේදී කකුලක් පෑගීමේ සිද්ධියක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරුව සෙසු ධීවරයන් පිරිස, ඝාතනය සිදුකළ ධීවරයා ගැටගසා ගොඩබිමට රැගෙනවිත් තිබේ. ‘සහන් පුතා’ නම් බහුදින ධීවර යාත්‍රව පසුගිය පසුගිය 09 වැනිදා දියඹට ගොස් ඇත්තේ ධීවරයින් පස් දෙනෙකු ද සමගිනි. මුහුදු සැතපුම් 180ක් පමණ ගැඹුරු මුහුදේදී නිදාගෙන සිටි එක් ධීවරයෙකුගේ කකුල තවත් ධීවරයෙකුට සිදු වූ අත්වැරදීමකින් පෑගී තිබේ. එම අවස්ථාවේදී නිදාගෙන සිටි ධීවරයා නැගිට අසල වූ තියුණු ආයුධයකින් කකුල පාගන ලද…

Read More

ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය ශරීරයේ ගෑවීමෙන් සමෙහි ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් පානදුර මුහුදේ දියනාමින් සිටි දස දෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය පවසයි. මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ගැවුණු ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව තිබේ. පොලීසිය පැවසුවේ මෙම පිරිස ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට යොමුකල බවය.

Read More

බුද්ධ කාලීනව භාරතයේ විසූ ජීවක වෙදදුරු ගිලනුන්ට උපස්ථාන කරමින් සමාජය සුවපත් කිරීමට කැප වූ ආකාරය අප ඉතිහාසය තුළ අසා තිබේ. එවැනි වෙදදුරෙකු නොවුන ද, ගිලනුන්ට උපස්ථාන කිරීම උදෙසා උතුම් වූ මෙහෙවරක් සිදුකරන බුද්ධ පුත්‍රයෙකු පිළිබඳ කතාවක් මේ උතුම් පෝ දිනයේ අපට අසන්නට ලැබුණි. “ආරෝග්‍ය පරමා ලාභා” බුද්ධ ඉගැන්වීමට අනුව නිරෝගිකම උතුම්ම ලාභයයි. ඒ නිසාම මිනිසුන් තමන්ට නිරෝගි දිවියක් උරුම කරගැනීමට බොහෝ සෙයින් කැපවී කටයුතු කරයි. ඒ අතරේ ඉතාම සුළු පිරිසක් අනෙකාට නිරෝගි දිවි පෙවෙතක් උරුම කරදීමට තමන් සතු දෑ කැපකරමින් වෙහෙසී කටයුතු කරයි. මේ එවැනි පරාර්ථකාමි සිතුවිල්ලක් ඔස්සේ බිහිවූ මාබොටුවන ශ්‍රී පියරතන නාහිමි සුව සෙවණයි. බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද මෙම ගොඩනැගිල්ලේ…

Read More

බංකොලොත් වීමෙන් පසු කෙටිම කාලයක් තුළ ඉන් මිදුණු එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය සමයේ ආණ්ඩුව භාරගත් නිසා අද වන විට රට අර්බුදයෙන් ගැලවී ඇති බවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා, “බෙහෙත් පෙත්තක් බොන්න බැරි වුණ රටක තමා අද ඖෂධ ශාලාහිමියන් මේ තරම් උත්කර්ෂවත් උත්සවයක් කරන්නේ. දැන් මේ ජනාධිපතිතුමා නොඑන්න ඒ කියන්නේ, අනිත් නායකයෝ ඔක්කෝටම මේක ඉදිරිපත් කළා. අපේ නායකයින්ට ඉදිරිපත් කළාම හිටිය ආර්ථික විශේෂඥයින් කිව්වා නායකතුමා අත තියන්න එපා කිව්වා. අත පිච්චෙනවා කියලා අත අල්ල ගත අය අද අංකුං කියන්නේ…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකිය. අද (21) දහවල් නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය. මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ද සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු. උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40 – 50ක පමණ තද සුළං ඇති විය හැකියි.

Read More

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරගය DLS method අනුව ලකුණු 28කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 141කි. පිළිතුරු ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාව පන්දුවාර 11යි පන්දු 02ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 100ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි. ඒ අනුව DLS method ඔස්ට්‍රේලියාවට ලකුණු 28ක ජයක් හිමිවිය. මේ අතර මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පිට පිට කඩුලු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ලබාගත් දෙවැනි…

Read More

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා සිය එක්දින සංචාරය නිමා කර ඊයේ (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි. මෙරට සංචාරයේ නිරතවූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර කොටුව ජනාධිපති මන්දිරයේ පැවති නිල හමුවෙන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡාවල ද නිරතවී තිබුණි. බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ උදාකරදීම පිළිබඳව අවධානය යොමුවී ඇති බව සඳහන් ය. බලශක්ති සම්බන්ධතාව සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය, දෙරට අතර ඉදිකිරීමට යෝජිත ඛනිජතෙල් නළ මාර්ගය සහ තෙල් හා ගෑස් ගවේෂණ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමුවී තිබේ. සාම්පූර් සූර්ය විදුලි…

Read More

විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (20) දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ හඟුරන්කෙත පොලිස් වසමේ මැදගම ප්‍රදේශයේදී ය. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත් ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී විදුලි රැහැන් කණුවක් සේවකයෙකුගේ ඇඟ මතට වැටීමෙන් මෙම මරණය සිදුවී ඇත. මියගොස් ඇත්තේ 23 හැවිරිදි අඹගමුව උඩබුලත්ගම පදිංචි කොන්ත්‍රාත් පදනම මත විදුලිබල මණ්ඩලයේ සේවය කළ පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය.

Read More

මත්පැන් විෂ වීමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුද්ගලයින් 40 දෙනෙක් මියගොස් තිබේ. කල්ලකුරිචි දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම සිද්ධියේදී තවත් පුද්ගලයින් 16 දෙනෙක් පමණ රෝගී වී රෝහල්ගත කර ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ මෙම 16 දෙනාද අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවය. මියගිය සහ රෝගී වූ පිරිස උදරයේ ඇතිවූ දැඩි වේදනාවකින් පීඩාවට පත්වී සිටි බවත් ඇස් විවෘත කිරීමට පවා නොහැකිව වේදනාවෙන් පසුව ඇති බවත් වාර්තා වෙයි. මත්පැන් අලෙවි කළ බවට සැකය මත පොලීසිය පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූ සෑම පුද්ගලයෙකුටම තමා විසින් වන්දි ලබාදීමට පියවර ගත් බවය. “මම ගිනස් පොතට ගිහින් තියෙන්නේ නඩු 400 ගණනක් තිබෙන නිසා. කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ණඩු 400 ගාණක් දැම්මා. මැරිච්ච අයට එක නඩුවයි අතපය කැඩිච්ච අයට එක නඩුවයි… වන්දි ගෙවන්න කියලා. නමුත් මම ජනාධිපතිවරයා කාළේ ඒ හැම කෙනෙකුටම පැහැදිලිවම මම වන්දි ගෙව්වා.” කතෝලික සංවිධාන, ලෝකයේ රටවල්වලින්, විවිධ සංවිධානවලින්, ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ආදී නොයෙකුත් අය කාදිනල් හිමිට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ…

Read More