Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝටි 18ක මහල් නිවසක් දන්දුන් බුද්ධ පුත්‍රයෙක්
    Featured

    කෝටි 18ක මහල් නිවසක් දන්දුන් බුද්ධ පුත්‍රයෙක්

    By LFNJune 22, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුද්ධ කාලීනව භාරතයේ විසූ ජීවක වෙදදුරු ගිලනුන්ට උපස්ථාන කරමින් සමාජය සුවපත් කිරීමට කැප වූ ආකාරය අප ඉතිහාසය තුළ අසා තිබේ.

    එවැනි වෙදදුරෙකු නොවුන ද, ගිලනුන්ට උපස්ථාන කිරීම උදෙසා උතුම් වූ මෙහෙවරක් සිදුකරන බුද්ධ පුත්‍රයෙකු පිළිබඳ කතාවක් මේ උතුම් පෝ දිනයේ අපට අසන්නට ලැබුණි.

    “ආරෝග්‍ය පරමා ලාභා” බුද්ධ ඉගැන්වීමට අනුව නිරෝගිකම උතුම්ම ලාභයයි.

    ඒ නිසාම මිනිසුන් තමන්ට නිරෝගි දිවියක් උරුම කරගැනීමට බොහෝ සෙයින් කැපවී කටයුතු කරයි.

    ඒ අතරේ ඉතාම සුළු පිරිසක් අනෙකාට නිරෝගි දිවි පෙවෙතක් උරුම කරදීමට තමන් සතු දෑ කැපකරමින් වෙහෙසී කටයුතු කරයි.

    මේ එවැනි පරාර්ථකාමි සිතුවිල්ලක් ඔස්සේ බිහිවූ මාබොටුවන ශ්‍රී පියරතන නාහිමි සුව සෙවණයි.

    බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද මෙම ගොඩනැගිල්ලේ තරු පන්තියේ හෝටලයක පෙනුම සහ පහසුකම් තිබුණද මෙය සැබවින්ද ගිලනුන්ට උපස්ථාන කිරීම වෙනුවෙන් බිහිකළ ආයතනයකි.

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පිළිකා රෝගීන්ට, වකුගඩු රෝගීන්ට සහ හදවත් රෝගීන්ට එම රෝගයට ප්‍රතිකාර ලබාගන්නා කාලය තුළ නවාතැන් පහසුකම් හා ආහාරපාන නොමිලේ සැපයීම මේ ඔස්සේ සිදු වේ.

    අමෙරිකාවේ කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කහඳ අමරබුද්ධි හිමියන්ගේ සංකල්පයකට අනුව 2017 වසරේ මෙම සුව සෙවණ ඉදිකර ඇත්තේ රුපියල් කෝටි 18ක් පමණ වැය කරමිනි.

    එහිදි උන්වහන්සේට හිතවත් අමෙරිකාවේ වැසෙන දායකයින් කිහිපදෙනෙකු මූල්‍යමය දායකත්වය සපයා තිබේ.

    රෝහලට බාහිරින් නැවති සිට ප්‍රතිකාර ලබාගැනීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු විසින් සිදුකළ නිර්දේශයක් ඇති ඕනෑම අයෙකුට මෙහි නේවාසිකව රැඳීසිට කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීමේ හැකියාව පවතී.

    එහි රැඳී සිටින රෝගින් පවසන්නේ වෙනදා දුර බැහැර සිට දෛනිකව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි තමන්ට මෙලෙස නොමිලේ පහසුකම් සපයාදීම උතුම් වූ පිංකමක් බවය.

    කරාපිටිය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගින්ට ලබාදෙන සේවාවන්ට අමතරව මෙම සුව සෙවණ පරිශ්‍රය තුළ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පාසලක්ද ක්‍රියාත්මක වේ.

    ශාසනික මෙහෙවරින් ඔබ්බට ගොස් සමාජීය මෙහෙවරකටද මුල් වී සිටින මෙවන් භික්ෂුන් වහන්සේ මුළු මහත් සමාජයටම ආදර්ශයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.