Author: LFN
වසර 15කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ 19 දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය. ඒ කොළඹ පැවති උත්සවයකදීය. එය නම් කර තිබුණේ “ශ්‍රී ලංකාව සංවර්ධනයේ සුසමාදර්ශී හැරවුම 2025” නමිනි. මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිකයින් ඇතුළු පිරිසක් එක්විය. මෙහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, “රටේ ඇති විය හැකි අනාගතය පිළිබඳව මව්බිම ජනතා පක්ෂයට මනා දැනුමක් තිබෙනවා. ඒ නිසා තමයි අපි ඇවිත් කිව්වේ ලංකාවේ දේශපාලනයේ ආඛ්‍යානය වෙනස්විය යුතු බව. අනෙක් කරුණ තමයි… දියුණු වෙන…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.
ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය. 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව කීය.
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම අභියෝග කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජූලි මස 08 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින නියම කළේය. අදාල පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අටක් කැඳවීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.
ලබන 26 වන දා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ, පොරොන්දු වූ පරිදි ඉල්ලීම් ලබාදීමට පියවර නොගතහොත් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බවය. කෙසේ වෙතත් ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ඊයේ (18) පැවති උත්සවයකදී සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ගවල ගුරුවරුන් නිරත වී සිටියත් වත්මන් සිසු පරපුර ඒ මත රැඳී නොසිට සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරාගනිමින් සිටින බවය. මේ අතර සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡා සුබවාදී බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. එහි සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා…
නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කර තිබේ. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා එළැඹෙන අගෝස්තු මාසයේ දී මෙරට සංචාරයකට එක්වනු ඇති බව වාර්තා වේ.
හොරණ සිට නුවරඑළිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලීසිය පවසයි. අනතුර සිදු වී ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අද (19) අලුයම 5.15ට පමණය. ධාවනය වෙමින් තිබු මොටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්ත දෙසට පෙරළී අනතුර සිදුව ඇත. අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.
69 ලක්ෂයේ ජනවරමට අමතන සර්වජන බලයේ පළමු ජන රැලිය ඊයේ (18) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වුණි. ඒ එම එකමුතුවේ පක්ෂ සහ සංවිධානවල නායකයන්ගේ ප්‍රධානත්වයෙනි. ”69 ලක්ෂයක ජනතා බලාපොරොත්තු යළි බලගැන්වීම” යන මැයෙන් රැලිය අද පස්වරු 2ට ආරම්භ කෙරුණි. ඊට සහභාගී වීම සඳහා සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ ස්ථාන 5ක සිට පාගමනින් නුගේගොඩට පැමිණ තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිවිතුරු හෙළ උරුමය නුගේගොඩ තෙත් බිම් උද්‍යානයේ සිටත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ කට්ටිය මංසන්ධියේ සිටත්, වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පාගොඩ පාරේ සිටත්, කොමියුනිස්ට් පක්ෂ නියෝජතයින් කොහුවල මංසන්ධියේ සිට පාගමනට එක්විය. ව්‍යවසායක දිලිත්…
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය. රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය. එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවය. වව්නියාව ප්‍රදේශවාසීන් භූකම්පනය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය. “ළමයි දෙන්නා පාඩම් කර කර හිටියේ. එතපාරම අමුතු සද්දයක් ආවා. මේසේ උඩ තිබුණ ඒවා හෙල්ලිලා ගියා. අපිට ඇත්තටම බය වුණා සෑහෙන්න. විනාඩි…