Author: LFN
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහඋතුරු-මැද පළාත්වලසිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
2023 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ඊයේ (08) ආරම්භ කෙරුණි. පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කිරීමට නියමිත ව තිබුණ ද දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු දින දෙකකින් කල් දැමීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පියවර ගත්තේය. පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද දිනයේ සිට කිසිදු ගැටලුවකින් තොරව ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව අද දිනයේ සිට 17 වනදා දක්වා මධ්‍යස්ථාන 101ක දී පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකෙරේ. පසුගිය මැයි 06 වන දා ආරම්භ වු අධ්‍යයන පොදු සහතික…
බන්ධනාගාරගත කෙරුණු මුණසිංහ කොඩිකාරලාගේ චමින්ද නොහොත් “කුකුළ් චමින්ද” රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ බන්ධනාගාර නිලධාරීනගේ ආරක්ෂාව යටතේ නේවාසිකව රඳවා සිටි අතර, සැකකරු ඊයේ (08) දින නැවත අනුරාධපුර බන්ධනාගාරය වෙත ඇතුළත් කෙරුණි. ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ මෙම සැකකරුට බන්ධනාගාරය තුළදී නේවාසිකයින් පිරිසක් පහර දුන් බවට වාර්තා පළවී ඇති බවය. ඒ සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වාර්ථාවක් කැඳවු අතර, බන්ධනාගාරය තුළදී සැකකරුට නේවාසිකියින් විසින් කිසිදු පහරදීමක් සිදු කර නොමැති බව වාර්ථා කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායාක මහතා පවසයි. මෙම සිදුවීම සම්බන්ධයනේ ජේලර්වරයෙකු මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔහු…
වසර 4ක් තිස්සේ රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කර කාන්තාවන් නිවසට ගෙන්වා විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවූ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස පැමිණෙන කාන්තාවක් සිර කර විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා වීඩියෝගත කර මුදලට අලෙවි කිරීම මෙම යුවළ විසින් සිදුකර ඇති බව පැවසෙයි. සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ළමා හා කාන්තා අපරාධ නිවාරණ කාර්යාංශය විසිනි. මීට දින කිහිපයකට පෙර නුගේගොඩ පිහිටි මෙම නිවසට පැමිණ අදාළ සිදුවීමට මුහුණදී නිවසෙන් පැනගිය බදුල්ල සහ වැල්ලේගෙදර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු කළ පැමිණිලි අනුව සිදුකළ වැටලීමකදී මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
මියන්මාරයේ ත්‍රස්ත කඳවුරු 03ක රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීම සඳහා ඊයේ (08) රාත්‍රියේ එරටට යෑමට සුදානමින් පසුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසයි. එමෙන්ම තායිලන්ත රජය සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.
අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් පොසොන් සමයේ සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක බස් රථ සේවාවක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරයන් සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අදාළ බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය. එහිදී බස්රථ 400කට වැඩි ප්‍රමාණයක් යෙදවීමට අපේක්ෂා කරන අතර ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ලබා ගැනීමට නියමිතය. මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟහැරීම සඳහා මීට පෙර වර්ෂවලදී පැවති පොසොන් මංගල්‍යය සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර ජේලර්වරයෙකු අද (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් එලෙස ප්‍රවාහනය කරමින් සිටියදී නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවය. සැකකරු වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන ජේලර්වරයෙකු බව වාර්තා වෙයි. රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාට ලද තොරතුරක් අනුව අයිස් මත්ද්‍රව්‍ය සමග යතුරුපැදියකින් යමින් සිටි සැකකරුව රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයේ ගැටනිවත්ත දී පොලිස් මාර්ග බාධකයක් යොදා අත්අඩංගුවට ගෙන තිබුණි. බන්ධනාගාර නිලධාරියෙකු ලෙස රැකියාව කරමින් සැකකරු කලෙක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇතැයි ද පොලීසිය පවසයි.
වෙනත් දේශපාලන පක්ෂයක සභාපති ධුරයක් ලබා ගැනීම සැලකිල්ලට ගෙන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය මේ කාරණය මුලින්ම විනය මණ්ඩලයට යොමු කළ බවත් විනය මණ්ඩලයේ වාර්තාව පසුගියදා පක්ෂයට ලැබුණු බවත් ඔහු කීවේය. විජයදාස රාජපක්ෂ මහතා එසේ කටයුතු කිරීම පක්ෂයේ ව්‍යවස්ථාව කඩකිරීමක් බව විනය මණ්ඩලය තීරණය කර ඇත.
ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී තුවාලකරුවාව සොයාගෙන තිබේ. පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකාර චීවරධාරියා මරණකරුගේ ඥාතියෙකු බව සඳහන් වේ. එම සැකකරු විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩවසන බවත්, අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ. පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී…
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඔවුන් පන්දු වාර 19කදී කඩුලු 08ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.