Author: LFN
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලීසියට පැමිණි අඹු-සැමි යුවළක් පොලිස් කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බියක් සොරාගෙන ගොස් ඇති බව වාද්දුව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව කුරේ මාවතේ පදිංචි අඹු-සැමි යුවළකි. ඔවුන් දෙදෙනා ඊයේ (06) පස්වරුවේ වාද්දුව පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ සිට ඇති අතර, ඊට යාබදව පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ මේස ලාච්චුවක තිබූ මුදල් පසුම්බිය සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා නිසැක වශයෙන්ම ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයාගේ නව දේශපාලන කාර්යාලය ඊයේ (06) කොළඹදී විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා අද (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ. එම ප්‍රදේශවල තවදුරටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් අද දිනයේ නොපැවැත්වෙනු ඇති. ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ලබාදීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරනු ලබන බවද දැනුම්දී තිබේ. සෙසු සියලුම කලාප සහ කොට්ඨාසවල සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවද සබරගමුව පළාත් සභාව දැනුම්දෙයි.
ඉකුත් වසරේ මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවතුණි. ඊයේ (06) දිනයේ දී පෙත්සම්වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. ඉකුත් වසරේ මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම එදින…
ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඒ් බව පැවසීය.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බලරහිත බවත් තීන්දුවේ සඳහන් වුණි. ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10 වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියෝග කෙරුණි. මේ අතර, අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන ලෙසත් මෛත්‍රිපාල සිරිසේන මහතාට තවත් නියෝගයක් නිකුත් කළේය. මෙම ක්‍රියාව තුළින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය මීට සුළු මොහොතකට පෙර කොළඹ දී විවෘත කර තිබේ.
ඊයේ (05) සවස හම්බන්තොට පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට සිදුකළ පහරදීමෙන් ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ පහරදීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියයෑම සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි. ඔහු හම්බන්තොට නගරයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඊයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් තිබිණි. එහිදී හම්බන්තොට වෙනත් පාසලක සිසුවෙකු විසින් අදාළ උපකාරක පන්තිය අසලට ගොස් 10 වන ශ්‍රේණියේ සිසුවාට පහරදී තිබේ. මෙම සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක්…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයට අද (06) දිනයේත් ඕනෑම අවස්ථාවක අනුර කුමාර දිසානායක මහතා සූදානමින් පසුවන බව ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂයෙන් මේ දක්වාත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය. අද දිනයෙන් පසුව පක්ෂයේ නායකයින් අතර විවාදයක් පැවැත්වීමට බලාපොරොත්තු නොවන බව නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. කෙසේවෙතත් අදාළ විවාදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයක් ප්‍රකාශයට පත්කරන තෙක් තම පක්ෂය මෙම විවාදයන්ට සුදානමින් සිටින බවය.