Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»17 හැවිරිදි පාසල් සිසුවාගේ පහරදීමෙන් 15 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට‍
    Featured

    17 හැවිරිදි පාසල් සිසුවාගේ පහරදීමෙන් 15 හැවිරිදි සිසුවා ජීවිතක්ෂයට‍

    By LFNJune 6, 2024No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (05) සවස හම්බන්තොට පොලිස් වසමේ සිප්පිකුලම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙක් තවත් පාසල් සිසුවෙකුට සිදුකළ පහරදීමෙන් ඝාතනයක් සිදුව තිබේ.

    පොලීසිය පැවසුවේ පහරදීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියයෑම සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

    එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

    ඔහු හම්බන්තොට නගරයේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඊයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් තිබිණි.

    එහිදී හම්බන්තොට වෙනත් පාසලක සිසුවෙකු විසින් අදාළ උපකාරක පන්තිය අසලට ගොස් 10 වන ශ්‍රේණියේ සිසුවාට පහරදී තිබේ.

    මෙම සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක් ගැටුමට හේතුවී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    කෙසේවෙතත් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා ව මේ වනවිට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.