Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුහුද මැදදී ධීවරයෙකු ව ඝාතනය කෙරේ
    Featured

    මුහුද මැදදී ධීවරයෙකු ව ඝාතනය කෙරේ

    By LFNJune 22, 2024No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බේරුවල ධීවර වරායේ සිට බහුදින ධීවර යාත්‍රාකින් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිටි අයෙක් එහි සිටි තවත් ධීවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

    නින්දේදී කකුලක් පෑගීමේ සිද්ධියක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

    අනතුරුව සෙසු ධීවරයන් පිරිස, ඝාතනය සිදුකළ ධීවරයා ගැටගසා ගොඩබිමට රැගෙනවිත් තිබේ.

    ‘සහන් පුතා’ නම් බහුදින ධීවර යාත්‍රව පසුගිය පසුගිය 09 වැනිදා දියඹට ගොස් ඇත්තේ ධීවරයින් පස් දෙනෙකු ද සමගිනි.

    මුහුදු සැතපුම් 180ක් පමණ ගැඹුරු මුහුදේදී නිදාගෙන සිටි එක් ධීවරයෙකුගේ කකුල තවත් ධීවරයෙකුට සිදු වූ අත්වැරදීමකින් පෑගී තිබේ.

    එම අවස්ථාවේදී නිදාගෙන සිටි ධීවරයා නැගිට අසල වූ තියුණු ආයුධයකින් කකුල පාගන ලද ධීවරයාගේ උදරයට පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එහිදී අදාළ ධීවරයා මියගොස් ඇති අතර පහරදුන් ධීවරයාගෙන් සෙසු පිරිස සිදුවීම පිළිබඳව විමසා තිබේ.

    සෙසු පිරිසට ද ඔහු එම අවස්ථාවේදී තර්ජනය කර ඇත්තේ පහර දෙන බව පවසමිනි.

    එම අවස්ථාවේදී අදාළ පිරිස එක්ව ඝාතනය සිදුකරන ලද ධීවරයා අල්ලා ගැටගසා ගොඩබිමට ඊයේ දිනයේදී ගෙන එනු ලැබීය.

    මෙම ඝාතනය ඊයේ දිනයේදී සිදුව ඇති අතර අදාළ යාත්‍රාව අද දිනයේදී ගොඩබිමට පැමිණියේය.

    ඒ් අනුව බේරුවල පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

    දින එකහමාරක් පමණ ගැටගසා තිබීම හා ඇති වූ පොබැදීම් හේතුවෙන් තුවාල ලබා තිබීම නිසා සැකකරු රෝහල්ගත කළ බව පොලීසිය පැවසුවේය.

    ඔහුගෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, තමන් නින්දේ සිටියදී කකුල පෑගීම හේතුවෙන් ඇති වූ ක්ෂණික කෝපය හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවය.

    එලෙස ඝාතනයට ලක්ව තිබුණේ බේරුවල රොක්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි උපුල් ශාන්ත ප්‍රනාන්දු නම් අයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.