ඊශ්‍රායලය විසින් එල්ල කරන බිහිසුණු යුද අපරාධවලට ලක්ව සිටින පලස්තීන දරුවන්ට ආධාර පිණිස රුපියල් රු මිලියන 27 කට අධික මුදලක් කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලනය (CDMF) අයත් කලාපීය සම්මේලන 12 විසින් එකරාශි කර ශ්‍රි ලංකා රජය වෙත ලබා දී ඇති බවට වාර්ථා වේ
එම මුදල් UNWRA වැනි සුදුසු ආයතන මගින් ගාසා හි දරුවන්ට ආධාර සැපයීම සඳහා භාවිතා කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මස්ජිඩ් සම්මේලන (CDMF) විසින් රජයෙන් ඉල්ලා සිටිනවා. මෙම පරිත්‍යාග/අරමුදල් පිළිබඳ සියලුම ලියකියවිලිවල පිටපතක් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇත.
