Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මේක කැරට් අලයක් – වාහන ආනයනකරුවන් කියයි
    Featured

    මේක කැරට් අලයක් – වාහන ආනයනකරුවන් කියයි

    By LFNMay 31, 2024No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාහන ආනයනය සඳහා ඉඩ ලබාදෙන බවට රජය නිතර පවසන දේ සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා මේ බව පැවසීය.

    ඔහු පෙන්වා දෙන්නේ කෙසේවෙතත් වාහන ආනයනයට ඉඩ ලබාදුන් පසු මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ද ඇති බවය.

    ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා,

    “අවුරුදු 4 පුරා අපි බලන් ඉන්නවා වාහන ආනයනය සම්බන්ධව. ළඟදීම ගේන්න දෙනවා කියලා කියනවා. නමුත් දිනයක් කාලයක් කියන්නේ නෑ. ක්‍රමානුකූලව ලිහිල් කරන්න පුළුවන් කියලා මහ බැංකු අධිපති කිව්වා.ලංකාවේ වාහන එකලස් කිරීම කරනවා. නමුත් තවමත් අපනයනයක් කරලා නැහැ. අපි වාහන ආනයනය කළාම 200% ක් පමණ රජය බදු ගහනවා.”

    “අපි රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සමග සාකච්ඡා කළා. ඔහු කිව්වේ මුලින් බස්, ලොරි වගේ වාහනවලට ඉඩ දීලා ඒක ආර්ථිකයට බාලපාන අයුරු බලලා පස්සේ ත්‍රීවිල්, යතුරුපැදි සඳහා ලිහිල් කරන්නේ කියලා. ඊට පස්සේ තමයි කාර්, වෑන්වලට අවස්ථාව ලැබෙන්නේ.”

    “මේ වාහන ගේන්න අවසර දෙනවා කියන එක විදියක කැරට් අලයක් කියලා අපිට සැකයක් මතුවෙලා තියෙනවා. මේක පෙන්වා සූදානම් වෙන්නේ මැති ඇමතිවරුන්ට අවශ්‍ය වාහන ටික ගෙන්වා දෙන්න. මොකද මැතිඇමතිවරු ඉල්ලීම් කරලා තියෙනවා කථානායකට ඒ අයට වාහන ලබාදෙන්න කියලා.”

    “කොහොම වුණත් වාහනවල දැන් තිබෙන මිල සාධාරණ ද ? නැද්ද ? කියන්න බෑ. ඉල්ලුම හා සැපයුම එක්ක තමයි ඒක තීරණය වෙන්නේ.”

    “එදා ඉඳලම වාහනවලට වැඩි මිලක් ගෙවන්න පාරිභෝගිකයන්ට සිදු වුණා. වාහන ආනයනය ආරම්භ කළත් ලොකු මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ අතරේ වාහන මිල වැඩි වෙයිද කියලත් සැකයක් තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.