Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අස්වැසුම ගැන අලුත්ම ආරංචියක්
    Featured

    අස්වැසුම ගැන අලුත්ම ආරංචියක්

    By LFNMay 31, 2024No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ.

    එහිදී උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇත්තේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිපත මගින් වඩාත් හොඳින් පුද්ගල දරිද්‍රතාවය හඳුනා ගත හැකි බවය.

    මේවනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත්බවක් නොමැති බව පෙන්වා දුන් කාරක සභාව ඒවා හැකි ඉක්මණින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද උපදස් ලබාදී ඇත.

    එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා ඇත්‌තේ අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතකරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ද ඉදිරියේ දී වෙනස් කිරීමට කටයුතු කරන බවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) වනදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දී තිබුණි.

    මෙදින කාරක සභාව හමුවේ 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ 2024.04.29 දිනැති අංක 2382/02 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකළ රෙගුලාසි සංශෝධනය සලකාබැලීමද සිදුවිය.

    එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදයට පමණක් සිදුකරන ලෙසටද එම කාරක සභාව නිර්දේශය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.