Author: LFN
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීම් පර්යන්තය පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව රියදුරෙක් නොමැතිව වාහන එම ස්ථානයේ නවතා තැබීම තහනම් වන අතර ආගමන ගුවන් මගීන් රැගෙන යෑමට පැමිණි වාහන අදාළ රථගාල් වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය පිටතට පැමිණිය යුතුය. රියදුරු සහිතව ද පරිශ්‍රය තුළ වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යනවිට විශේෂ ගාස්තුවක් අයකරන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පැවසීය. මෙහි අරමුණ වන්නේ අයථා වාහන සහ පුද්ගලයින් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණීම පාලනය කිරීම බව එම සමාගම වැඩිදුරටත් පෙන්වාදුනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පළායෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුනි මස 6 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
තද සුළං සහ රථ මුහුදු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත් එහි සඳහන් වෙයි. එබැවින් මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබේ. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතීන බව…
‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය. ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වුණි. අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබීය.
මාතර වැලිගම බටවල පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසල වෙඩිතැබිමක් සිදුකර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගන ලද ආණ්ඩුව ඇදවැට්ටවීම සඳහා රට තුළ බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩුව තුළ ම මීට එරෙහිව විවිධ බලවේග ක්‍රියාත්මක වූ බව එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේය. “ආණ්ඩුව ඇතුළෙන් එදා කුමන්ත්‍රණය ගොඩනැගුණා. ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදියටයි යහපාලන ආණ්ඩුව ගොඩනැගුණේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා භාර ගත්තේ මහින්ද මහත්තයා භාරදීපූ ආණ්ඩුව නෙමෙයි. වැටිච්ච් ආණ්ඩුවක්.” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයෙන් ආරම්භ කෙරුණි. “සටන අරඹමු රජරටෙන්” යන තේමාව යටතේ මෙම ආසන සමුළුව පැවැත්වූ අතර ඊට පොදු…
හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවන පානදුර වලපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 850ක් පොලීසිය සොයාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත. කළුතර අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2024 IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය. හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගත්තේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය. පිළිතුරු ඉනිම ආරම්භයේදී ඔහුට අගනා සහායක් ලබාදුන් රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 39ක් රැස්කරගත්තේය.
ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ ඊයේ (26) පැවති උත්සවයකට සහභාගී වෙමිනි. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවුසවේ සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවය. “සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු ON LINE පනත…
ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට ප්‍රදේශයේ පදිංචි යකැදුරෙකි. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් සිදුකළ මෙහෙයුමකදී සැකකාර යකැදුරාව අත්අඩංගුවට ගෙන තිබේ. අඩි 3ක පමණ උසකින් සහ කිලෝග්‍රෑම් 48ක බරකින් යුත් පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලකට විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම බුද්ධ ප්‍රතිමාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් සම්බුද්ධ ශාසනයට පූජා කරන ලද්දක් බවට සැලකෙයි.