Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුලියාපිටිය ඝාතනය – 10වන සැකකරු ගැන එළියට ආ කතාව
    Featured

    කුලියාපිටිය ඝාතනය – 10වන සැකකරු ගැන එළියට ආ කතාව

    By LFNMay 27, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුලියාපිටිය තරුණයා ව ඝාතනයට අදාළව වරින්වර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින සැකකරුවන් 10දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (27) නියම කළේය.

    කුලියාපිටිය කැලෑබද ප්‍රදේශයකදී තරුණයෙකු ඝාතනය සම්බන්ධව කුලියාපිටිය පොලීසිය ගොනුකර තිබූ නඩුව අද නැවත කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කළේය.

    නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය සිය පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

    මෙම ඝාතනයේ එක් සැකකරුවෙක් වන සිඟිතිගේ මස්සිනා ඇතුළු කිහිප දෙනෙකුට සැඟව සිටීමට උපකාර කළැයි කියන 10වන සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ චන්දන යාපා කියා සිටියේ පොලීසිය කරුණු කියා ඇති ආකාරයට තම සේවාදායකයා ඝාතනයෙන් පසුව සැකකරුවන්ට උපකාර කර ඇති බවය.

    එසේ තිබියදී ඔහුට මිනීමැරුම් චෝදනාව එල්ලකර ඇති බවත් එය සංශෝධනය කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    සැකකරුවන් දස දෙනාගෙන් කවුරුන්, කොහේදී, කෙසේ එම තරුණයාව ඝාතනය කළාද යන්න මේ වනවිටත් පරීක්ෂණ මට්ටමේ ඇති බවත් ඔහුගේ මළ සිරුර පිළිබඳ හලාවත මූලික රෝහලේ සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ ද මේ වනතෙක් අවසන්ව නොමැති බවත් පොලීසිය පැවසීය.

    එමෙන්ම මෙම ඝාතනය මනාව සැලසුම්කරමින් සූක්ෂ්ම අන්දමින් සිදුකර ඇති බවත් පොලීසිය පැවසූ අතර අදාළ ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන් නොමැති බවත් අධිකරණය හමුවේ පොලීසිය පෙන්වා දුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.