Author: LFN

ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය. ඔහු මෙම ඉසව්ව අවසන් කළේ තත්පර 10.16කිනි. යුපුන් මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා කරමින් ප්‍රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසය.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද දැනුම් දී තිබේ. උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ…

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. එහි සායනික පුහුණු හා පර්යේෂණ අංශය ස්ථාපිත කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ මෙලෙස නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුවය. ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 942කි.

Read More

පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පසුගිය 08 වනදා අහුංගල්ලේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබූ අතර ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (23) දින ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 28 වන වියේ පසුවන අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4ක් ද සොයාගත් බව පොලීසිය පවසයි. අදාළ සැකකරු විසින් වෙඩිතැබීම සඳහා ඔත්තු බලා ඇතැයි පොලීසිය සැකකරයි.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වන බවය. මේ අතර කොළඹ – බදුල්ල සහ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට ද තීරණය කර තිබේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ අද දිනයේ විශේෂ දුම්රිය ද අවලංගු කර ඇති බවය.

Read More

රාගම නාරංගොඩපාළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. අනියම් සබඳතාවක් හේතුවෙන් හටගත් ආරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය. මියගිය පුද්ගලයාගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් ඝාතනය සිදුකර ඇති අතර ඔවුන් දෙදෙනා රාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි නාරංගොඩපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.

Read More

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදුදහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23) පෙරවරුවේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය මාර්ගගත ක්‍රමය ඔස්සේ අමතමිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවුණි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මාතලේ දිස්ත්‍රික්කය අපේ ථේරවාද බුදු දහමේ වැදගත් ස්ථානයක් බව…

Read More

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවද දැනුම්දෙයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු…

Read More

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරයි. ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායමක් පත්කරනු ලැබීය. ඊට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළත් අතර අදාළ විමර්ශන කණ්ඩායම මගින් මේ වන විට ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තිබේ. එවන් පසුබිමක අදාළ…

Read More

බූස්ස පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. මරදානේ සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ත් 19ත් අතර තරුණයන් තිදෙනෙකු බවය. එක් තරුණයෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමේදී මියගොස් ඇතැයි පැවසෙයි. වෙසක් සැරසිලි නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුරට ඔවුන් මුහුණ දී ඇත. මියගොස් ඇති තිදෙනා ඥාති දරුවන් බවද වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ මියගිය තරුණයන් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.

Read More