Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද මිත්‍යාවෙන් ඉවත්වී විද්‍යාවට නැඹුරු වෙනවා – ජනපති
    Featured

    අද මිත්‍යාවෙන් ඉවත්වී විද්‍යාවට නැඹුරු වෙනවා – ජනපති

    By LFNMay 24, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදුදහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23) පෙරවරුවේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය මාර්ගගත ක්‍රමය ඔස්සේ අමතමිනි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවුණි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “මාතලේ දිස්ත්‍රික්කය අපේ ථේරවාද බුදු දහමේ වැදගත් ස්ථානයක් බව කිවයුතුයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සිදු වූයේ මේ මාතලේ අළුවිහාරයේදීයි. ඒ නිසා බුදුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙලා තිබෙනවා. අප ථේරවාද බුදු දහම පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමු කළයුතුයි.

    අනුරාධපුර යුගයේ පැවති පිරිවෙන්වලින් බිහි වුණේ මහා සංඝයා වහන්සේලා පමණක් නොවෙයි. ලෝකයේ ප්‍රධානම වාරි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ අරම්භ කිරීමට එම අධ්‍යාපනය නිසා අවස්ථාව ලැබුණු බව සෙනරත් පරණවිතාන වැනි වියතුන්ගේ මතය වුණා.

    අද ලෝකය මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙමින් සිටිනවා. වැඩි වැඩියෙන් විද්‍යාව පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. නව තාක්ෂණය සමග ශත වර්ෂ ගණනාවක අපගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය අංශය සහ තාක්ෂණ අංශය දියුණු වී තිබෙනවා. තාරකා ලෝකය පිළිබද ඇති නව දැනුම මෙන්ම කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මඟින් ලැබෙන දැනුම දියුණුවීමත් සමග අපට තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදු වෙනවා.

    නමුත් ථේරවාද බුදු දහම අනුගමනය කරන සහ එහි නියම අර්ථය පිළිබඳ දැනුවත් අයට මෙය ගැටළුවක් වන්නේ නැහැ. ථේරවාද බුදු දහම තුළින් මෙම ගැටළුවලට විසඳුම් සෙවිය හැකියි. එබැවින් ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගැනීමට අප අවධානය යොමු කළයුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.