Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැලණි සහ කළු ගංගා අවදානම් මට්ටමට
    Featured

    කැලණි සහ කළු ගංගා අවදානම් මට්ටමට

    By LFNMay 26, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු තත්ත්වය දක්වා ගංගාවල ජල මට්ටම ඉහළගොස් ඇති බවය.

    අද දිනය තුළදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවුවහොත් එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද ඒ මහතා පවසයි.

    මේ අතර නිරිතදිග මෝසමේ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් එල්ල වෙමින් තිබේ. ‍

    අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් මරණ 7ක්ම සිදුව ඇත්තේ ගස්කඩා වැටීම්වලිනි.

    කෑගල්ල අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ජලසම්පාදන මණ්ඩලය අසළ පිහිටි කොස් ගසක කොටසක් ට්‍රාන්ෆෝමරයක් මතට කඩාවැටී තිබේ.

    මේ හේතුවෙන් අරණායක ප්‍රදේශයටම විදුලිය විසන්ධිවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

    මේ අතර කොළඹ ගම්පහ කළුතර මහනුවර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් 7ට අදාළව නිකුත්කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව පුද්ගලයින් 45,344ක් පමණ පීඩාවටට ලක්ව සිටින අතර නිවාස 2797කට අර්ධහානි සිදුව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.