Author: LFN

10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට එක්වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) එම සමුළුව ඇමතුවේය. ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් යෙදවීම සඳහා එම ලාභයෙන් 10%ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් සැසිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලි නගරයේ ගුස්ට් නුරා රායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පසුගිය 18 වැනිදා එරටට ළඟාවුණි. යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික…

Read More

සංචාරක වීසා මත රුසියාව ට පුද්ගලයින් 120 දෙනෙකු පමණ යැවූ බවට සැකපිට පුද්ගලයෙක් ව දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ “තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය” විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු රුසියානු තානපති කාර්යාල ඉදිරිපිට සිට සංචාරක වීසා මත රුසියාව සඳහා යෑමට පුද්ගලයින්ට ආධාර අනුබල දී ඇති බව විමර්ශනවලිදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු හෙට (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්තන මහතාගේ උපදෙස් මත “තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ” අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි…

Read More

විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වන අජිත් ධර්මපාල YouTuber කෙනෙකු බවට පත් වූ ආකාරය සහ විදේශගත ශ්‍රී ලංකා දූත මෙහෙවරට සම්බන්ධ වී ඉක්බිතිව පලා ගිය බවට වාර්තා වූ බුද්ධි අංශ නිලධාරියෙක්, ඔවුන්ගේ සරණාගතභාවය සාධාරණීකරණය කිරීම සඳහා පාස්කු ඉරිදා සංහාරය පිළිබඳ අලුත් කුමන්ත්‍රණයක් ගෙතීමට උත්සාහ කරයි. ඒ බව පෙන්වා දෙමින් Sri Lanka Guardian (https://slguardian.org/exclusive-cardinal-s-reckless-involvement-in-new-conspiracy/ ) වෙබ් අඩවිය විශේෂ වාර්ථාවක් පළ කර ඇත. එම වාර්ථාවේ පරිවර්තනය පාස්කු සංහාරයේ නව කුමන්ත්‍රණයට කාදිනල් තුමාගේ අදූරදර්ශී මැදිහත්වීම ජිනීවා හි අපගේ විශේෂ වාර්තාකරු විසිනි. “ධෛර්ය සම්පන්න පුද්ගලයෙකුගේ සරල පියවර වන්නේ බොරුවට සහභාගී නොවීමයි.” – ඇලෙක්සැන්ඩර් අයි. සොල්සෙනිට්සින්. සුළු දණහිසේ සැත්කමකින් අනතුරුව විශ්‍රාම ගැනීමෙන් පසු සේවා දිගුවක් මත සේවය…

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්‍යවසායක් බවට පරිවර්ථනය කිරීමේ දී එහි සේවකයින් 650කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ. කෙසේවෙතත් දැනට සිටින සේවකයින්ගෙන් 200ක් පමණ රජය සතු නව ව්‍යවසාය සඳහා බඳවා ගැනීමට ද සැලසුම් කර ඇති බව සඳහන්ය. ඉතිරි කම්කරුවන් සංචිතයකට යොමු කරන අතර එයින් රජය සතු නව ව්‍යවසාය තුළින් මෙහෙයුම් පවත්වාගෙන යාමට අවශ්‍ය පිරිස් තෝරා ගනු ඇත. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමත කර තිබේ. පිරිපහදුවේ පැරණි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පවතින ආයෝජන අවශ්‍යතාව මත…

Read More

ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි. මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, වාතාවරණය ‘යහපත් නොවන’ බවය. “ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත” යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබේ. ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (19) එක්ව තිබිණි. එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙළිකොප්ටර්…

Read More

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා තිබුණි. කෙසේවෙතත්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති අතර ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන සන්නද්ධ හමුදා, කමාන්ඩෝ ඒකක ඇතුළු කණ්ඩායම් 40ක් මේ වනවිට ක්‍රියාන්විතයට එක්ව සිටියි. ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ඊයේ (19) එක්ව තිබුණි. එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර්…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවූ ඩයනා ගමගේ මහත්මිය සිය ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය තමන් වෙත භාරදුන් බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා මාධ්‍යට ප්‍රකාශ කළේය. ඒ පසුගියදා ඇයට ලබාදී තිබූ අධිකරණ නියෝගයට අනුවය. රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරමින් සිටි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 08 වනදා තීන්දු කළේය. ඒ ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බව සඳහන් කරමිනි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් ද අදාළ තීන්දුවේ සඳහන් වෙයි.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. අද දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි. වයඹ පළාත් ප්‍රධාන ලේකම් විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දැනුවත් කර ඇත.

Read More

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදීද නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමටත් යෝජනා කර ඇත.

Read More

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදාවේ. මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි සිසුන්ට අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීම සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් පාසල් සිසුන් දෛනිකව පාසල් පැමිණීම වර්ධනය…

Read More