Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී
    Hot News

    ඉරාන ජනපති ගමන් කළ හෙළිකොප්ටරය කඩාවැටුණු තැන සොයාගනී

    By LFNMay 20, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරයි.

    මේ අතර ඉරාන රතු අඩසඳ සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, වාතාවරණය ‘යහපත් නොවන’ බවය.

    “ජීවතුන් අතර කිසිවෙකු හෝ සිටින බවට සේයාවක් නොමැත” යනුවෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වා තිබේ.

    ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙළිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ (19) එක්ව තිබිණි.

    එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙළිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

    ඒ අනුව ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය හෝ පිරිස සොයාගැනීමට පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ඉරාන ජනාධිපතිවරයාට අමතරව එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් හදිසි ගොඩබෑම අවස්ථාවේ යානය තුළ සිට ඇති බව වාර්තා වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.