Author: LFN
පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්දය හේතුවෙන් මියගිය සියලු අයවලුන් සිහිකිරීම නිමිත්තෙන් වැඩසටහන් මාළාවක් ත්‍රීකුණාමලය නගරය ඇතුළු ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී පවත්වා ඇති බවට වාර්තාවේ. එහිදී ජනතාව විසින් ත්‍රීකුණාමලය නගරයේ ඔරලෝසු කණුව අසල සිසිල්පැන් දන්සලක්ද, බුහාරි හන්දියේ සිට කින්නියා පුස්තකාල ශාලාව දක්වා පාගමනක් හා ප්‍රදේශය පුරා ජාතික ධජ නංවාලමින් ජනතාව මේ සදහා සහයෝගය පල කර ඇත. එහිදී ජනතාව විසින් පවසා ඇත්තේ ඇතැම් ජාතිවාදී දේශපාලකයින්ට හා ජාතිවාදි සුලු පිරිසක් නිසා දිගින් දිගටම වර්ධනය වූ ජාතිවාදී තත්වයන් මේ වන විට ජනතාව අවබෝධකරගෙන ඇති බවයි. අදාල අවස්ථාවට සම්බන්ධ ඡායාරූප පහතින් දැක්වේ. ත්‍රීකුණාමලය නගරයේ ඔරලෝසු කණුව අසල සිසිල්පැන් දන්සල බුහාරි හන්දියේ සිට කින්නියා පුස්තකාල ශාලාව දක්වා පාගමන…
මැයි 18 දින ට සමගාමීව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතා ප්‍රජා ආයතනය විසින් කිලිනොච්චි පොදු ක්‍රීඩාංගනයේදී සියලු ජාතීන් හා ආගමික නායකන්ගේ සහභාගීත්වයෙන් සමරුමක් සිදුකර ඇත. මේ සදහා අති විශාල ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවි ඇති අතර, පැවති යුද්ධය හේතුවෙන් මිය ගිය සියලු ජාතීන් ජාති ආගම් බේධයකින් තොරව යතාර්ථවාදීව සැමරීම කාගේත් ප්‍රසංශනීයත්වයට පාත්‍රවී ඇත. මීට ප්‍රථම විවිධ අවස්ථාවන්හිදී දෙමළ ජනතාව යොදා ගනිමින් සිය අවශ්‍යතාවයන් සපුරාගැනීමට කටයුතු කල දෙමළ ඩයස්පොරාව හා ඇතැම් දෙමළ දේශපාලනඥයින්ට මෙය දැඩි පහරක් බවට තතුදන්නා බොහෝ දෙමළ ජාතිකයින් ප්‍රකාශ කර සිටිති. අදාල අවස්ථාවට සම්බන්ධ වීඩීයෝ හා ඡායාරූප පහතින් දැක්වේ. ලංකා ෆෝකස් නිව්ස් කිලිනොච්චි වාර්තාකරු
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුවසහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැක. බස්නාහිර,දකුණු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට අද (17) දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගනු ලැබීය. එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක් සිදුකිරීමට කටයුතු කළේය. යෝජනා…
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය. මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවතුණා. මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016…
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගැනීමට උත්සාහ කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පැහැරගැනීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු ක්ෂණිකව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලීසිය වෑන් රථය සහ එම පිරිස පැයක් තුළ අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පවසන්නේ එම සැකකරුවන් සිව්දෙනා අතර සිටින එක් අයෙකු මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඔහු විවාහකයෙකු බවත්ය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු හමුදා සෙබළෙකු වන එම සැකකරු සිය මිතුරන් සමග වෑන් රථයක් කුලියට ගෙන මෙම පාසල් සිසුවිය පැහැරගැනීම සඳහා පැමිණ තිබේ. පොළොන්නරුව…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට ඊයේ අධිකරණය නියෝග කර තිබේ. නිවාස ලබාදෙන බවට පවසා මුදල් වංචා කර බවට පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඒ මහතාව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටය. එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද එහිදී අධිකරණය නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ලබන සැප්තැම්බර් මාසයේ 25 වනදා කැඳවන ලෙසට අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.
ගාල්ල තවලම ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනයක අබිරහසක් සිව්වසරක් මුළුල්ලේ සිදුකළ විමර්ශනයකින් පසුව අනාවරණය කරගැනිමට “ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය” සමත්වුණි. එහිදී අනාවරණ වී තිබුණේ අදාළ කාන්තාවගේ අනියම් සැමියා විසින් ඇය ඝාතනය කර සිරුර වැසිකිළි වළකට දමා තිබූ බවය. ඒ අනුව මීට වසර හතරකට පෙර ඝාතනය කෙරුණු විසිනව හැවිරිදි තිදරු මවකගේ මෘතදේහය ගාල්ල තවලම හල්ලකන්ද ප්‍රදේශයේ කැලෑබද ඉඩමක වැසිකිලි වලක සඟවා තිබියදී ගොඩගෙන තිබුණි. නිලූෂිකා සඳමාලි නම්වූ ඇය 2020 වසරේ ජූනි මස 6 වනදා සිට අතුරුදන්ව තිබූ අතර ඇයගේ මව විසින් ඒ සම්බන්ධයෙන් එවක පොලිසියට පැමිණිල්ලක්ද ගොනුකර තිබුණි. සිය පළමු විවාහයෙන් වෙන්වූ නිලූෂිකා සිය දරුවන් දෙදෙනාද සමඟ “බතල ශාන්ත” නමැත්තෙකු සමඟ දිවිගෙවමින්…
ඊයේ (14) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙරවලපිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන කාණු පද්ධති අවහිරවීමෙන් නිවාස 20ක පමණ අඩි 2ත් 3ත් අතර ප්‍රමාණයකින් වැසි ජලයෙන් යටවී ඇති බව තවදුරටත් වාර්තා වෙයි.
නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක් මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ඊයේ (14) අභියාචනාධිකරණය හමුවේ අවධාරණය කෙරුණි. අදාළ පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ එම එන්නත් වර්ග 8 මාස හයක සුපරීක්ෂණ කාලයකට යටත් නොකොට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ප්‍රණීතා. එන්. වර්ණකුලසූරිය සහ දෙව්ෂාන්. පී. බුද්ධරගේ යන අය විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන්…