Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර ගණනකට පසුව හෙළිවූ තිදරු මවගේ අභිරහස
    Featured

    වසර ගණනකට පසුව හෙළිවූ තිදරු මවගේ අභිරහස

    By LFNMay 15, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල තවලම ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනයක අබිරහසක් සිව්වසරක් මුළුල්ලේ සිදුකළ විමර්ශනයකින් පසුව අනාවරණය කරගැනිමට “ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය” සමත්වුණි.

    එහිදී අනාවරණ වී තිබුණේ අදාළ කාන්තාවගේ අනියම් සැමියා විසින් ඇය ඝාතනය කර සිරුර වැසිකිළි වළකට දමා තිබූ බවය.

    ඒ අනුව මීට වසර හතරකට පෙර ඝාතනය කෙරුණු විසිනව හැවිරිදි තිදරු මවකගේ මෘතදේහය ගාල්ල තවලම හල්ලකන්ද ප්‍රදේශයේ කැලෑබද ඉඩමක වැසිකිලි වලක සඟවා තිබියදී ගොඩගෙන තිබුණි.

    නිලූෂිකා සඳමාලි නම්වූ ඇය 2020 වසරේ ජූනි මස 6 වනදා සිට අතුරුදන්ව තිබූ අතර ඇයගේ මව විසින් ඒ සම්බන්ධයෙන් එවක පොලිසියට පැමිණිල්ලක්ද ගොනුකර තිබුණි.

    සිය පළමු විවාහයෙන් වෙන්වූ නිලූෂිකා සිය දරුවන් දෙදෙනාද සමඟ “බතල ශාන්ත” නමැත්තෙකු සමඟ දිවිගෙවමින් සිට ඇති අතර, ඔහුට දාව එක් පුතෙකුද ඇයට සිට තිබුණි.

    මෙම තිදරු මවගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිසිය එවකට විමර්ශන සිදුකළද කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට නොහැකිවිය.

    සිද්ධිය සම්බන්ධ විමර්ශන ගාල්ල කොට්ඨාස අපරාධ අංශය වෙත යොමුකෙරෙන්නේ එවන් පසුබිමකය.

    ඒ අනුව වසර හතරක් මුළුල්ලේ විමර්ශන සිදුකළ පොලීසිය අතුරුදන් කාන්තාවගේ අනියම් සැමියා වන “බතල ශාන්ත” හෙවත් හේනගොඩගේ ශාන්ත නැමැති 44 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

    එහිදී අනාවරණ වී ඇත්තේ, ඔහු විසින් ඇයට පහරදී ඝාතනය කර, සිරුර නිවස අසල වැසිකිලි වළක සැඟවූ බවටය.

    පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳට පහරදුන් “බතල ශාන්ත” නමැත්තා ප්‍රදේශයේ නිවසක පැවති සාදයකට සහභාගී වී සිට ඇති අතර, එහිදී දරුවන් පැමිණ මව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට ඔහු දැනුම්දී ඇති බව අනාවරණ වී තිබේ.

    ඒ වනවිට බීමතින් සිටි බතල ශාන්ත නිවසට පැමිණ යළි බිරිඳට පහරදී ඇති අතර, පසුදින උදෑසන ඇයගේ සිරුර සීතල වී තිබීම හේතුවෙන් එය ඇඳ ඇතිරිල්ලක ඔතා වැසිකිලි වළකට දමා ඇතැයි පොලීසිය පවසයි.

    පසුව ඔහු සැක නොසිතෙන අයුරින් බිරිඳගේ නිවසට ද ගොස් ඇය පිළිබඳව විමසා ඇති බව පොලීසිය පවසයි.

    ගොඩගැනුණු මෘතදේහය නිලූශිකාගේ බවට දරුවන් හා ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

    එම අවස්ථාවේදී ඇය පැළඳ සිටි කරාඹුවක්ද හමුවුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.