Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාඨලීගේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් – තීන්දුව කල්යයි
    Featured

    පාඨලීගේ අභියාචනා පෙත්සම් විභාගය අවසන් – තීන්දුව කල්යයි

    By LFNMay 16, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබීය.

    මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවතුණා.

    මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ සිදුවූ අදාළ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් එම වාහනය පැදවූ රියදුරා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන එම නඩු කටයුත්ත අවසන් කර තිබූ බව සඳහන් කළේය.

    එසේ තිබියදී 2019 වසරේ ආණ්ඩු මාරුවෙන් පසුව තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු පැවරීමට පියවර ගත් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    අවසන් වී තිබෙන නඩුවකට අදාළ චෝදනාවලට යළි නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රෝහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුවේ රියදුරා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණද ඉන් පසුව අනාවරණය වූ නව තොරතුරු මත පොලීසිය විමර්ශන සිදුකළ බව පැවසීය.

    එම විමර්ශනවලදී අනාවරණය වූ නව සාක්ෂි පදනම් කරගෙන පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල්තැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.