Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයහපත් කාලගුණය විශාල පිරිසක් පීඩාවට
    Featured

    අයහපත් කාලගුණය විශාල පිරිසක් පීඩාවට

    By LFNMay 21, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසයි.

    පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786කි.

    එමෙන්ම නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති බවත් පුද්ගලයින් 1,140දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවත් සඳහන් ය.

    ගතවූ පැය 24තුළ වැඩිම වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එය මිමි 141ක අගයකි.

    වැසි හමුවේ දිස්ත්‍රික්ක ගණනාවක පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

    මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාතර කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබුණි.

    මේ අතර කොළඹ කිරුලපන පූර්වාරාම මාර්ගයේ ගමන්කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඉදි කෙරෙමින් තිබූ වෙසක් තොරණද පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් කඩා වැටී තිබුණි.

    මේ අතර අධික වර්ෂාවත් සමඟ ජලාශවල ජල මට්ටම්ද ඉහළ යමින් පවතී.

    රාජාංගනය ජලාශයේ ජල මට්ටමද අඩි 32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 2ක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ.

    අංගමුව ජලාශයේද වාන් දොරටු දෙකම විවෘතකර ඇති අතර ඉන් පිටවන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 1200කි.

    පුත්තලම, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 10ක් ද මේ වනවිට විවෘත කර තිබේ.

    මේ අතර කැලණි, කළු, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 09 සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.