Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෝච්චියේ බැරි වුණ පර්ස් එක නැවත විදෙස් හිමිකරුවෙත..
    Featured

    කෝච්චියේ බැරි වුණ පර්ස් එක නැවත විදෙස් හිමිකරුවෙත..

    By LFNMay 14, 2024Updated:May 14, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි තිබූ මුදල් පසුම්බියක් අහුලාගත් දුම්රිය සේවකයෙකු නැවත එම විදේශිකයාට භාරදීමේ සිද්ධියක් මහනුවර දුම්රිය ස්ථානයේදී වාර්තා විය .

    කොළඹින් පිටත්වූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ එම මුදල් පසුම්බිය දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා විසින් අහුලා ගැනීමෙන් පසු එය දුම්රිය ආරක්ෂක නිලධාරීන්වන ඒ.ඩී. බණ්ඩාර සහ ඩී.එන්.ජී. මෙන්ඩිස් යන මහත්වරුන් මගින් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක අංශය කාර්යභාර නිලධාරී ඒ.ඒ.එස්. අමරකෝන් මහතා වෙත භාරදී තිබේ .

    නවසීලන්ත ජාතිකයාට අයත් එම මුදල් පසුම්බිය ඔහුට නැවත ලබාදීම මහනුවර දුම්රිය ස්ථානයේදී ඊයේ (13) පෙරවරුවේ සිදුවූයේ එම මුදල් පසුම්බිය අහුලාගත් දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා අතිනි.

    මුදල් පසුම්බිය නැවත ලබාගත් නවසීලන්ත ජාතිකයා එය පරීක්ෂා කොට කිසිදු අඩුපාඩුවකින් තොරව තම මුදල් පසුම්බියේ තිබූ දෑ ඇති බවත් ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර සහ අවංක භාවය සම්බන්ධයෙන් තමන් ඉහළින් අගය කරන බවද පැවසීය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.