Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සා පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර ගැන අවසන් තීරණය
    Hot News

    සා පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර ගැන අවසන් තීරණය

    By LFNMay 13, 2024No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවය.

    එමෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.

    “විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වූ වේලාවේ සිට ඒ ප්‍රශ්නපත්‍රය සකස් කළ අය රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළා. සාමාන්‍යයෙන් වෙන්නේ ඕනෑම විභාගයක දී සාම්පල් මාර්ක් එකක් කරනවා. එතැනින් පස්සේ බරතැබීම සම්බන්ධයෙන් වෙනස්කම් කරනවා. ඒ නිසා දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට මාර්කින් ස්කීම් එක සකස් කිරීමට ඒ පැනල් එක කටයුතු කිරීමට නියමිතයි.”

    මේ අතර, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ද ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයක් වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

    එහිදී ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට පත් වීම් ලබා දීමේදී සහ ක්‍රීඩා පුහුණු ගුරු පත්වීම් ලබා දීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන්ද අදහස් දැක්විය.

    “ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට 2021 ඩිප්ලෝමාධාරීන් 500ක් බඳවා ගැනීමට තිබූ විභාගයේ ප්‍රතිඵල අනුව තමයි දැන් පත්වීම් දෙන් වෙලා තියෙන්නේ. එම නිසා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යනවා. 100ක් ජාතික පාසල්වලට 400ක් ග්‍රාමීය පාසල්වලට.‍ එකක් තියෙන්නේ යම් ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය පවත්වාගෙන යන්නත් ඕනේ. ගුරුවරු නැති දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි කියලා ප්‍රශ්නපත්‍රයක ප්‍රමිතිය අඩුකරන්න බෑ. කරුණු ගැන සැලකිල්ලට අරන් සාම්පල් මාර්ක් එකෙන් පස්සේ ඒ දරුවන් ගැන අවශ්‍ය පියවර ගන්නවා කියලා විභාග කොමසාරිස්වරයාදැනුම් දුන්නා. ”

    “සාමාන්‍යයෙන් ක්‍රීඩා ගුරුවරු බඳවා ගත්තේ විද්‍යාපීඨවලින්. ක්‍රීඩා පුහුණුකරුන් විදියට 3,000කට පමණ පත්වීම් ලබා දුන්නා දැන් අවරුදු කිහිපයකට පෙර. නමුත් ඒ දිලා තියෙන්නේ අනධ්‍යයන කාර්යමණ්ඩලවලට. ගුරු වෘත්තියට නෙමෙයි. කොහොම වුණත් ඒ අය ගුරුවෘතීයට බඳවා ගැනීමට අවශ්‍ය ගුරු සේවා ව්‍යවස්තාවට අදාළ සුදුසුකම් සපුරා තියෙනවා ද කියලා බලලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න උපදෙස් දෙන්නම්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට

    May 22, 2026

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 202601 Views

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ…

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.